ඩෙංගු සහ චිකන්ගුන්යා වසංගත මට්ටමක – වෛද්‍යවරුන්ගෙන් අනතුරු ඇඟවීමක්

ඩෙංගු රෝගය සහ චිකන්ගුන්යා රෝගය මේ වනවිට වසංගත මට්ටමකට පැමිණ ඇති බව විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම පවසනවා.

අද (30) කැඳවා තිබූ මාධ්‍ය හමුවක දී වෛද්‍යවරයා මේ බව සඳහන් කළා.

පවතින වැසි සමයත් සමඟ පැමිණෙන කාලයේ මෙම රෝග දෙකේම පැතිරීම ඉහළ යා හැකි බව සඳහන් කළ වෛද්‍යවරයා මදුරුවන්ගෙන් පැතිරෙන මෙම රෝග තත්ත්ව දෙකම පාලනය කිරීම සඳහා රෝගය පතුරවන මදුරුවාගේ බෝවීම වැළක්වීමට කටයුතු කර බවයි.

මේ අතර චිකන්ගුන්යා රෝගය පිළිබඳව සඳහන් කරමින් ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය සුරන්ත පෙරේරා පැවසුවේ ගැබ් ගැනීමේ මූලික මට්ටමේ සිටින මවකට චිකන්ගුන්යා රෝගය ආසාදනය වුවහොත් කලලය ගබ්සාවිමේ අවධානමක් පවතින බවයි.

එමෙන්ම දරු ප්‍රසුතියකට සූදානම්වන මවකට චිකන්ගුන්යා රෝගය ආසාදනය වුවහොත් ඇය විසින් ප්‍රසූත කරන නව ජන්මයට ද මෙම රෝගය වැළඳීමේ වැඩි අවධානමක් ද පවතින බව වෛද්‍යවරයා සඳහන් කර සිටියා.

බිළිඳා බිහි වී දින කිහිපයක් ගතවීමෙන් පසු චිකන්ගුන්යා රෝග ලක්ෂණ එම බිළිඳාට ද මතුවිය හැකි බව සඳහන් කළ වෛද්‍යවරයා එය බිළිඳාගේ හදවත, අක්මාව සහ මොළයට බලපෑමක් එල්ල කර හැකි බව ද පැවසුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.06
08:04:09
Video thumbnail
මහින්ද කහඳගම පොහොට්ටුවේ සාමාජිකයෙක් නෙමෙයි
06:30
Video thumbnail
ආණ්ඩුවේ අනීතික වැඩ ගැන කියන්න පොහොට්ටුවේ ප්‍රබලයෝ UN එකට යයි
01:54
Video thumbnail
ලැජ්ජා නැද්ද ඔයාලට - කරපු පව් වලට සමාව ඉල්ලන්න
08:02
Video thumbnail
අඩුම ගානේ දැන්වත් පොඩ්ඩක් හැදෙන්න - සජිත් ආණ්ඩුවට සැරටම අමතයි
15:48
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර ගලවලා, අපි ලැජ්ජා වෙන්න ඕනේ
01:48
Video thumbnail
මරික්කාර් වටගලට රිදෙන්නම දෙයි - නගරාධිපතිනිගේ සාරි පොටේ එල්ලෙන්නේ නැතුව වතුවලට ගිහින් බලන්න
09:32
Video thumbnail
මහින්ද කහඳගම ඩුබායි ගිහින් ජාවාරම්කරුවන් එක්ක දාපු ජෝගිය මෙන්න
00:43
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.10.06
00:00
Video thumbnail
කිසිම ආණ්ඩුවක් මගේ සිවුර ගැලෙව්වේ නෑ, මේ පාර මගේ සිවුර ගැලෙව්වා
02:03