ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව ශීඝ්‍ර පහළ යාමක් දක්නට ලැබෙනවා.
ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසන්නේ ජනවාරි මාසයට සාපේක්ෂව පෙබරවාරි මාසය තුළ වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව ශීඝ්‍ර පහළ යාමක් පෙන්නුම් කරන බවයි. 2024 වසරේ ගත වූ කාලසීමාව තුළ ඩෙංගු මරණ 05ක් වාර්තා වී ඇති බව එම ඒකකය සඳහන් කරනවා.
පෙබරවාරි මාසයේ ගත වූ කාලය තුළ ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 5,181ක් බවයි වාර්තා වන්නේ.
ජනවාරි මාසයේ දී මෙරටින් ඩෙංගු රෝගීන් 10,417 දෙනෙකු හඳුනා ගැණුනි.
ජනවාරි මාසයේදී 60 කට අධික සංඛ්‍යාවක පැවති ඩෙංගු අධිඅවදානම් කලාප සංඛ්‍යාව ද 24ක් දක්වා අඩු වී තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
1
+1
+1
+1













