AFC Banner
Empty Ad
Empty Ad

ඩිලන්ත මාළගමුව යුරෝපා සුපිරි ලැම්බෝගිනි ශූරතාවයට යාමට රොක් ඇන්ඩ් රේස් ප්‍රසංගයක්

ජාත්‍යන්තර මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මාළගමුව , 2023 යුරෝපා ශූරතා සුපිරි ලැම්බෝගිනි තරගාවලිය සදහා ඉදිරිපත් වන බවත් , ඒ සදහා අවශ්‍ය මුදල් ” නිහතමානී ශ්‍රී ලාංකිකයන්ගෙන් ” ලබා ගැනීම සදහා ප්‍රසංගයක් පැවැත්වීමට අවශ්‍ය කටයුතු සූදානම් කරමින් පවතින බවත් මීගමුව , ඒත්තුකාළ , ටික් ටොක් හෝටලයේ ඊයේ (18) දින සවස 05.00 ට පැවති , මේ පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීමේ වැඩසටහනකදීය.

මෙම 2023 යුරෝපා ශූරතා සුපිරි ලැම්බෝගිනි තරගාවලිය එළඹෙන මැයි මස සිට නොවැම්බර් මාසය දක්වා කාළය තුළ ප්‍රංශය , ජර්මනිය , ඉතාලිය , බෙල්ජියම සහ ස්පාඤ්ඤය යන රටවල තරග 12 ක් පැවැත්වීමට නියමිතය.

එම තරගාවලියේ ජයග්‍රාහකයින් සහ එනම් යුරෝපා ආසියා සහ ඇමෙරිකානු තරගාවලි වල සුපිරි ලැම්බෝගිනි මෝටර් රථ ශූරතා දිනූ ජයග්‍රාහකයින් ඉතාලියේ පවත්වනු ලබන තරග දෙකකින් සමන්විත අවසාන මහා තරගාවලිය සදහා සහභාගී වීමෙන් , ඔවුන් ලබා ගන්නා ලකුණු ප්‍රමාණය මත , අවසාන ලෝක ශූර ජයග්‍රාහකයින් තෝරා ගැනීමට නියමිතය.

මෙම තරගාවලිය ඇතුළු වාර්ෂික අනෙකුත් තරගාවලි සදහා සහභාගී වීමට තමන්ට රුපියල් ලක්ෂ 2,000 ත් 2,500 ත් අතර මුදලක් වැය වන බවත් , එයින් තමන් රුපියල් ලක්ෂ 700 ක මුදලක් සොයා ගත යුතු බවත් , ඉතිරි මුදල ලැම්බෝගිනි මෝටර් රථ නිෂ්පාදන සමාගම විසින් තමන්ට ලබා දෙන බවත් පැවසීය.

මෙසේ තමන් විසින් සම්පාදනය කර ගත යුතු මුදල සොයා ගැනීම සදහා එළඹෙන අප්‍රියෙල් 23 දින සවස 05.00 ට විහාරමහාදේවී එළිමහන් රංග පීඨයේ දී මෝටර් රථ ප්‍රදර්ශනයක් සහ එදින රාත්‍රී 07.00 ට ” රොක් ඇන්ඩ් රේස් ” ( Rock And Race ) නමින් සංගීත ප්‍රසංගයක් පැවැත්වීමටත් අවශ්‍ය කටයුතු සූදානම් කර තිබෙන බව ද පැවසීය.

මෙම මෝටර් රථ ප්‍රදර්ශනයට ඩිලන්ත මෝටර් රථ පැදවීම සදහා මුලින්ම බලපත්‍ර ලබා ගත් යතුරු පැදියේ සිට ලෝකයේ ධාවන තරග සදහා ඉදිරිපත් වන සුපිරි මෝටර් රථ එනම් ( ෆෙරාරි , ලැම්බෝගිනි ඇතුළු ) ( Super Racing Car ) ඉදිරිපත් කරනු ලබන අතර , සංගීත ප්‍රසංගය චිත්‍රාල් සෝමපාල , ළහිරු පෙරේරා , උමාරියා , කාංචනා අනුරාධි සහ ජය ශ්‍රී සහභාගී වන අතර ඉන්ෆිනිටි සංගීත කණ්ඩායම සංගීතය සැපයීම සිදු කිරීමට නියමිතය.

මෙම කළාකරුවන් නොමිලේ සහභාගී වෙමින් තමන් වෙත මෙම මුදල සම්පාදනය කර ගැනීමට සහාය වන බව ද ඩිලන්ත මාළගමුව මහතා අනාවරණය කළේය.

එසේම තමන් වසර 36 ක් තිස්සේ රටවල් 180 ක තරගාවලි සදහා සහභාගී වී ඇති බවත් , එයින් තරග 60 ක් පමණ ජයග්‍රහණය කර ශ්‍රී ලංකා ජාතික ගීය එම රටවල දී වාදනය කිරීමට සළස්වා ඇති බවත් , තම මෝටර් රථ ධාවන තරග සදහා භාවිතා කරන මෝටර් රථයෙහි ලැම්බෝගිනි මෝටර් රථ නිෂ්පාදන සමාගමේ නම සහ ශ්‍රී ලංකා ජාතික කොඩිය සමග අනුග්‍රහය ” නිහතමානී ශ්‍රී ලාංකිකයන් ” යනුවෙන් පමණක් සදහන් කර ඇති බවත් පැවසීය .

තමන් සපුරා ගැනීමට අපේක්ෂිත බලාපොරොත්තු කීපයක් ඇති බවත් , ඒවා අතර මෙම සුපිරි ලැම්බෝගිනි ලෝක ශූරතාවය දෙතුන් වතාවක් දිනා ගැනීම , World Endurance Championship තරගාවලියේ ලෝක ශූරතාවය දිනා ගැනීම සහ පැය 24 මෙතෙක් දිනා නොගත් තරගාවලි කීපයක් ජයග්‍රහණය කිරීම ඒ අතර වන බව ද පැවසීය .

මෙම මාධ්‍ය දැනුවත් කිරීමේ වැඩසටහන ඩිලන්ගෝ රේසිං පදනම විසින් සංවිධානය කර තිබුණි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
උගන්ඩාවේ සල්ලි ගේන්න මූලික පියවරවත් ඇරගෙන තියෙනවා ද? - දඬුවම් දෙන්න යන්නේ සෙවල ප්‍රතිපත්තයක් යටතේ
01:48
Video thumbnail
තෙලිජ්ජවිල පාසල හදිසියේම ගිනි ගනියි - ගිනි ගත්තද ? ගිනි තිබ්බද ?
01:22
Video thumbnail
සිලින්ඩරේ එල්ලුන පියල් නිශාන්ත - දැන් කියන කතාව #ranilwickremesinghe
02:22
Video thumbnail
හිටපු ජනාධිපති චන්ද්‍රිකා එකම වේදීකාවේ රනිල්ගේ මූණ බලාගෙන රිදෙන්න කිව්ව කතාව
07:30
Video thumbnail
ඔබට ඉක්මනින් කේන්ති යනව ද? එය නැතිකරගන්නේ මෙන්න මෙහෙමයි
07:20
Video thumbnail
ඉංග්‍රීසි දන්නේ නැති මෛත්‍රී ඉංග්‍රීසි දන්නවා වගේ ඉන්න ලස්සන #shorts #viralvideo #trendingnews
00:12
Video thumbnail
රනිල් - චන්ද්‍රිකා - මෛත්‍රී එකම වේදිකාවක - රනිල් චන්ද්‍රිකාට කිව්ව රහස #srilankapolitics
00:46
Video thumbnail
ඔක්තෝම්බර් 01වෙනදි විදුලි බිල සංශෝධනය වන දිනයතාම කතාවක් නෑ #npp #anurakumaradissanayake
02:12
Video thumbnail
ඇය සතුටින් ගෙවන ජීවිතේ #shorts #vairalvideo
00:16
Video thumbnail
කතන්දර එපා.... විවෘතව කතා කරන්න - ආනන්ද පාලිතගෙන් ජනපතිට දෝස්මුරයක්
02:12

?