ඩඩ්ලිගේ අරලිය සහල් මෝල හදිසි පරීක්ෂාවකට

පොළොන්නරුව, ඇතුමල්පිටිය ප්‍රදේශයේ පිහිටි අරලිය සහල් මෝල අද (27) පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරීන් විසින් හදිසි පරීක්ෂාවකට ලක් කළා.

පොළොන්නරුව දිස්ත්‍රික් පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරීන් විසින් මෙම පරීක්ෂා කිරීම සිදුකර තිබෙනවා.

එහිදී නාඩු වී වල හිඟයක් මේ දිනවල පවතින බවයි එහි කළමණාකාරවරයා පාරිභෝගික සේවා නිලධාරීන්ට පෙන්වා දුන්නේ.

එමෙන්ම අරලිය සහල් මෝල මඟින් නාඩුසහල් කිලෝ ලක්ෂයක්, සම්බා සහල් කිලෝ ලක්ෂයක් සහ කීරි සම්බා කිලෝ ලක්ෂ දෙකක ප්‍රමාණයක් දෛනිකව වෙළඳපොළට නිකුත් කරන බව කළමණාකාරවරයා, පාරිභෝගික සේවා නිලධාරීන් සිදුකළ විමසීමේ දී සඳහන් කර සිටියා.

මේ අතරට නාඩු සහල් හිඟයකින් තොරව නිකුත් කිරීමට අවශ්‍ය වී තොගවල අඩුවක් පවතින බවයි කළමණාකාරවරයා වැඩිදුරටත් පේනවා දුන්නේ.

පවතින වී හා සහල් තොග සංචිතයන්, නිෂ්පාදන ක්‍රියාවලිය පිළිබදව සොයා බැලීම සඳහා මෙම හදිසි පරීක්ෂාව සිදුකර තිබෙනවා.

මීට අමතරව පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පිහිටි ප්‍රධාන පෙළේ සහල් මෝල් හා අනෙකුත් සහල් මෝල් මෙලෙස පරීක්ෂාවට ලක්කරන බවයි පාරිභෝගික සේවා අධිකාරී නිලධාරීන් සඳහන් කළේ.

පාරිභෝගික සේවා අධිකාරියේ සභාපතිවරයාගේ සහ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ උපදෙස් පරිදි මෙම පරීක්ෂා කිරීම් සිදුකරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ව ඉස්සෙල්ලම ඇතුළට ගත්තේ යහපාලනයෙන් - පරික්ෂණ කිරීම ගැන අපේ විරෝධතාවක් නෑ
03:14
Video thumbnail
"ජනාධිපතිතුමාට ජනතාවගේ ඇති සැබෑ ආදරය මෙයයි"
00:23
Video thumbnail
නාමල් ගැන අහද්දි රංජිත් දුන්න පිළිතුර - හොරු අල්ලන්න - විපක්ෂය මර්දනය කරන්න දෙන්නේ නෑ
01:58
Video thumbnail
මොරටුව සලිත කළ වෙ#ල්ලේ CCTV දර්ශන එළියට
00:30
Video thumbnail
අම්පිටියේ සුමනරතන හිමි තර්ජනය කළ වීඩියෝව එළියට
01:21
Video thumbnail
නිවස බලාගන්න පැමිණි 61ක හැවිරිදි පුද්ගලයා නිවස තුළම එළොව යවලා
01:09
Video thumbnail
මොරටුව රත්කළ වෙ#ල්ලේ නවතම දර්ශන
01:12
Video thumbnail
පාසල් නිල ඇඳුමෙන් ළමයි කරපු කැත වැඩේ
01:09
Video thumbnail
සීගිරී මහා විහාරයේ පොඩි හාමුදුරුවෝ සෆාරි රියදුරෝ එක්ක කැලේ ඇතුලේ කරපු දේ
03:46
Video thumbnail
මාලිමාවේ මැති ඇමතිලා දැන් ඇ#ගෙන - ජනපති වටේ යන්න ආයේ උස්සන්න
02:54