ටෙනිස් ලොවේ රජු තමන් පමණක් බව සර්බියානු ක්‍රීඩකයා යළි යළිත් සනාථ කරයි

ලෝකයේ එතෙක් මෙතෙක් බිහි වූ විශිෂ්ටතම ටෙනිස් ක්‍රීඩක සර්බියාවේ නොවැක් ජෙකොවික් අඛණ්ඩ ව 07 වැනි වරටත් ATP ශූරතාව දිනා ගැනීමට සමත් වුණා.

ඒ සිය අවසන් මහා තරගයේ ප්‍රතිවාදියා වූ ඉතාලියේ ජැනික් සිනර් පරාජයට පත් කරමින්.

Jannik Sinner ව ඉතාලියේ ටියුරින්හි දී පැවැති තරගයෙන් පරාජයට පත් කිරීමෙන් පසුව නොවැක් තමන් තවදුරටත් ටෙනිස් ලොව සිටින සුපිරිතමයා බවට සනාථ කළ බවයි විදෙස් ක්‍රීඩා මාධ්‍ය වාර්තා කර සිටියේ.

සිනර්ට මෙම පරාජය හිමි වූයේ ලකුණු වට 6-3ක්, 6-3 ලෙසයි.

මෙම ජයග්‍රහණ නොවැක් හට විශ්මයජනක ජයග්‍රාහී වසරක් වන බවත්; ඔහු නමින් ඔස්ට්‍රේලියානු, ප්‍රංශ හා එක්සත් ජනපද විවෘත ටෙනිස් ශූරතා සහ ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතා ද ලියැවී ඇති බවත් වාර්තා වනවා.

තවමත් 36 හැවිරිදි වියෙහි පසුවන ජෙකොවික් ජයග්‍රහණය ගැන පැවසුවේ එය විශිෂ්ටතම තරගයක ආඩම්බරකාරී ජයග්‍රහණයක් බවයි.

මේ වනවිට ටෙනිස් ලැයිස්තුවේ සිව්වැනි ස්ථානයේ සිටින ජැනික් සිනර් එක් අවස්ථාවක දී පමණක් මෙම ලෝක ශූරයා ව පරාජයට පත් කිරීමට සමත් වූවෙක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වැඩි මිලට ඉන්ධන ගැනීම ගැන සජිත්ගෙන් සැර කතාවක් - රටේ සංචිතවලට අගතිගාමී බලපෑමක් වෙලා
19:49
Video thumbnail
FIFA 2026 තව තවත් උණුසුම් වෙයි - ප්‍රබල ජර්මනියට සහ අමෙරිකාව අන්ත අසරණ වෙයි
02:06
Video thumbnail
ගර්භණී කාලයේ මවකට හෙරෝයින් නිරාවරණය වුණොත් වෙන දේ මෙන්න - උපතින් හෙරෝයින්වලට ඇබ්බැහිවෙලා උපදින්නේ
02:18
Video thumbnail
දෙමව්පියෝ දරුවන්ගේ වැරදි වහනවා..වැරැද්ද පෙන්නුවනම් බන්ධනාගාරයේ මෙච්චර නෑ
03:56
Video thumbnail
බන්ධනාගාරයේ ඇත්තටම සිදුවෙන දේ මෙන්න..ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එළියට - මිනිස්සුන්ව යුද්දයට යැව්වා
09:11
Video thumbnail
ලියනගේමුල්ලේ සිදුවූ බිහුසුණු අනතුර - ත්‍රීවිල් රථ රියදුරුට බරපතළ තුවාල - සංවේදි අය නැරඹීමෙන් වළකින්න
02:16
Video thumbnail
Kasthirama | "මත්ද්‍රව්‍ය භාවිතය හා ජාවාරමට එරෙහි ජාත්‍යන්තර දිනය" පැවැත්වෙන විශේෂ කස්තිරම වැඩසටහන
01:14:00
Video thumbnail
මත්ද්‍රව්‍යට ඇබ්බැහි වුණ කෙනා ලි#ගිකව එක්වීමේ කැමැත්තක් නෑ - මනුස්සයාගේ සතුටේ සීමාවන් කොටු කරගන්නවා
04:19
Video thumbnail
ළමා මනසට මත්ද්‍රව්‍ය රකුසා ඇතුළු වෙන හැටි කිව්ව නි.පොලිස්පති - ආදරය පිරෙව්වනම් ඇතුළු වෙන්නේ නෑ
03:53
Video thumbnail
දොඩම්ගොඩදී වාහන 5ක් ගැටී බිහිසුණු අනතුරක් - මෙන්න දැන් ලැබුණු දර්ශන
00:44