spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ටෙනිස් ලොවේ රජු තමන් පමණක් බව සර්බියානු ක්‍රීඩකයා යළි යළිත් සනාථ කරයි

ලෝකයේ එතෙක් මෙතෙක් බිහි වූ විශිෂ්ටතම ටෙනිස් ක්‍රීඩක සර්බියාවේ නොවැක් ජෙකොවික් අඛණ්ඩ ව 07 වැනි වරටත් ATP ශූරතාව දිනා ගැනීමට සමත් වුණා.

ඒ සිය අවසන් මහා තරගයේ ප්‍රතිවාදියා වූ ඉතාලියේ ජැනික් සිනර් පරාජයට පත් කරමින්.

Jannik Sinner ව ඉතාලියේ ටියුරින්හි දී පැවැති තරගයෙන් පරාජයට පත් කිරීමෙන් පසුව නොවැක් තමන් තවදුරටත් ටෙනිස් ලොව සිටින සුපිරිතමයා බවට සනාථ කළ බවයි විදෙස් ක්‍රීඩා මාධ්‍ය වාර්තා කර සිටියේ.

සිනර්ට මෙම පරාජය හිමි වූයේ ලකුණු වට 6-3ක්, 6-3 ලෙසයි.

මෙම ජයග්‍රහණ නොවැක් හට විශ්මයජනක ජයග්‍රාහී වසරක් වන බවත්; ඔහු නමින් ඔස්ට්‍රේලියානු, ප්‍රංශ හා එක්සත් ජනපද විවෘත ටෙනිස් ශූරතා සහ ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතා ද ලියැවී ඇති බවත් වාර්තා වනවා.

තවමත් 36 හැවිරිදි වියෙහි පසුවන ජෙකොවික් ජයග්‍රහණය ගැන පැවසුවේ එය විශිෂ්ටතම තරගයක ආඩම්බරකාරී ජයග්‍රහණයක් බවයි.

මේ වනවිට ටෙනිස් ලැයිස්තුවේ සිව්වැනි ස්ථානයේ සිටින ජැනික් සිනර් එක් අවස්ථාවක දී පමණක් මෙම ලෝක ශූරයා ව පරාජයට පත් කිරීමට සමත් වූවෙක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?