ටියුෂන් පන්ති සිසුන්ට මත්ද්‍රව්‍ය විකුණූ අයෙක් මැදිරිගිරියේදී අල්ලයි

මැදිරිගිරිය, පළවෙනි පියවර ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක් හෙරොයින් ග්‍රෑම් 04යි මිලිග්‍රෑම් 100ක් සහ අයිස් ග්‍රෑම් 07 මිලිග්‍රෑම් 25ක් සමග අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකි වී තිබෙනවා.

අත්අඩංගුවට පත්වන අවස්ථාවේ සැකකරු සන්තකයේ තිබී මත්ද්‍රව්‍ය අලෙවියෙන් උපයා ගත් බවට සැකකෙරෙන රුපියල් ලක්ෂ දාහතරකට අධික මුදලක්ද පොලිසිය විසින් තම භාරයට් ගෙන තිබෙනවා.

සැකකරු වයස අවුරුදු විසිපහක පුද්ගලයෙක් වන අතර මොහු මීට පෙරද මත්ද්‍රව්‍ය සම්බන්ධ සිදුවීම් රැසකට රක්ෂිත බන්ධනාරාගාර ගතව සිටි පුද්ගලයෙක් බවයි පැවසෙන්නේ.

සැකකරු අත්අඩංගුවට ගෙන සිදු කළ විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ ඔහු විසින් මරදාන ප්‍රදේශයේ සිට මෙම මත්ද්‍රව්‍ය රැගෙන විත් ඒවා මැදිරිගිරිය ප්‍රදේශයේ පළමු පියවර ප්‍රරදේශයේ විවිධ පුද්ගලයන්ට සහ උපකාරක පන්තිවල සිසුන් සඳහා අලෙවිකරන බවයි.

සැකකරුහෙට (27) දින හිඟුරක්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇති අතර මැදිරිගිරිය පොලිසිය විසින් වැඩිදුර පරික්ෂණයන් සිදු කරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහානායකහිමියන්ලා දෙබිඩි පිළිවෙතක්ද අනුගමනය කරන්නේ ?නෑ නේද ? ඒ ප්‍රශ්නය Thumbnail කරන්න එපා
05:36
Video thumbnail
සජිත් ආණ්ඩුව සැරටම අමතයි - ආණ්ඩුව IMF එකේ සුරතලා වෙලා
10:51
Video thumbnail
මහානායකහිමියන්ගේ ලිපිය ඇයි මාධ්‍යයට නිකුත් නොකළේ ?මේක කරන්න එපා කියලද තිබ්බේ ?
05:02
Video thumbnail
වැරදි කරපු කරපු දඬුවම් ලැබෙනවා - ඒකට තමයි විපක්ෂය බයවෙලා ඉන්නේ
07:25
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.11
01:36:32
Video thumbnail
බන්ධනාගාර ගැන ශෂීන්ද්‍ර රාජපක්ෂ කළ ප්‍රකාශයට නලින්දගෙන් සැර පිළිතුරක් - පිටුපස සිටින්නේ කවුද ?
02:46
Video thumbnail
නින්ජා වෙස්ගත් පාතාල චණ්ඩි - ආයුධ උස්සගෙන යන හැටි
00:42
Video thumbnail
අස්වැසුම මුදල් වංචා කළ නිළධාරිනියන් දෙදෙනා යළි රිමාන්ඩ්
00:36
Video thumbnail
ගල් අඟුරු ප්‍රශ්නය නිසා නෙවෙයි ඇමති අයින් වුණේ - ඊළඟ ගල් අඟුරුවලට සහතිකයක් දෙන්න පුළුවන්ද ?
03:04
Video thumbnail
විපක්ෂය නටන මේ නාඩගම අපි නවත්වනවා
05:21