ට්‍රක් රථයක් මාර්ගය හරහා පෙරළී අධිවේගයේ අනතුරක් (ඡායාරූප)

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොළඹ දෙස සිට මාතර දෙසට ධාවනය වෙමින් තිබූ ට්‍රක් රථයක් ඉමදූව සහ කොක්මාදූව අතර 112 වන කිලෝමීටර් කණුව අසලදී අනතුරට ලක්ව තිබෙනවා.

ට්‍රක් රථයේ පිටුපස රෝද යුගලයක් ගැලවී යාමෙන් රියදුරාට රථය පාලනය කර ගත නොහැකිව මාර්ගය හරහා පෙරලී යාමෙන් අද (28) පෙරවරුවේ මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වුණේ.

අනතුරෙන් රියදුරු සහ සහායකයා තුවාල ලබා රෝහල් ගතකර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

රථය මාර්ගය හරහා පෙරළී යාමත් සමඟ එම මාර්ගයේ එක් කොටසක වාහන ගමනාගමනයට බාධා එල්ල වී තිබුණා.

මේ අතර මෙම අනතුර සිදුව තිබිය දී ඉන්දීය ජාතිකයන් දෙදෙනෙකු පැමිණි මෝටර් රථයක් පාලනය කරගැනීමට නොහැකිව අනතුර සිදුවූ ස්ථානයේ ධාවනය වෙමින් තිබූ කැබ් රථයක බඳකොටසේ ගැටීමෙන් තවත් අනතුරක් සිදුව තිබෙනවා.

එහිදී ඉන්දියානු ජාතික කාන්තාවක් තුවාල ලබා රෝහල් ගත කර ඇති බවයි වාර්තා වුණේ.

තුවාල කරුවන් ප්‍රතිකාර සදහා ඇතුළත් කර ඇත්තේ මාතර මහ රෝහලටයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
1
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
2
මාර දුකයි !
0
මලපනිනව !
0
කුජීතයි !
1
spot_img
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?