ට්‍රක් රථයක් මාර්ගය හරහා පෙරළී අධිවේගයේ අනතුරක් (ඡායාරූප)

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොළඹ දෙස සිට මාතර දෙසට ධාවනය වෙමින් තිබූ ට්‍රක් රථයක් ඉමදූව සහ කොක්මාදූව අතර 112 වන කිලෝමීටර් කණුව අසලදී අනතුරට ලක්ව තිබෙනවා.

ට්‍රක් රථයේ පිටුපස රෝද යුගලයක් ගැලවී යාමෙන් රියදුරාට රථය පාලනය කර ගත නොහැකිව මාර්ගය හරහා පෙරලී යාමෙන් අද (28) පෙරවරුවේ මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වුණේ.

අනතුරෙන් රියදුරු සහ සහායකයා තුවාල ලබා රෝහල් ගතකර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

රථය මාර්ගය හරහා පෙරළී යාමත් සමඟ එම මාර්ගයේ එක් කොටසක වාහන ගමනාගමනයට බාධා එල්ල වී තිබුණා.

මේ අතර මෙම අනතුර සිදුව තිබිය දී ඉන්දීය ජාතිකයන් දෙදෙනෙකු පැමිණි මෝටර් රථයක් පාලනය කරගැනීමට නොහැකිව අනතුර සිදුවූ ස්ථානයේ ධාවනය වෙමින් තිබූ කැබ් රථයක බඳකොටසේ ගැටීමෙන් තවත් අනතුරක් සිදුව තිබෙනවා.

එහිදී ඉන්දියානු ජාතික කාන්තාවක් තුවාල ලබා රෝහල් ගත කර ඇති බවයි වාර්තා වුණේ.

තුවාල කරුවන් ප්‍රතිකාර සදහා ඇතුළත් කර ඇත්තේ මාතර මහ රෝහලටයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32