spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ටයිටැනික් සොයා ගිය ‘ටයිටන්’ සබ්මැරීනයේ ගමන ශෝකාන්තයකින් නිමවෙයි

අතුරුදන් වූ ‘ටයිටන්’ සබ්මැරීනය පිපිරීමකට ලක්ව ඇති බව ඇමරිකානු වෙරළාරක්ෂක බලකාය උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙම පිපිරීමෙන් එහි ගමන් ගත් පුද්ගලයින් පස්දෙනාම ජීවිතක්ෂයට පත්ව ඇති බවයි ඇමරිකානු වෙරළාරක්ෂක බලකාය සඳහන් කරන්නේ.

මෙම සනාථකර ගැනීමත් සමඟ එය සොයා දියත් කළ මෙහෙයුම් කටයුතු මේ වන විට අවසන් කර අතිඕ බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ.

ටයිටැනික් නෞකාව මුහුදුබත් වී ඇති ස්ථානය ආසන්නයේ දී ‘ටයිටන්’ සබ්මැරීනයේ බවට විශ්වාස කළ හැකි කොටස් හමුවීමත් සමඟ එය පිපිරීමකට ලක්ව ඇති බවටයි ඇමරිකානු වෙරළාරක්ෂක බලකාය විශ්වාස කරන්නේ.

ටයිටැනික් නෞකාවේ සිට අඩි 1,600ක් පමණ දුරින් මුහුදු පත්ලේ තිබී සබ්මැරීනයේ සුන්බුන් හමුව ඇති අතර, ටයිටන් සබ්මැරීනය පුපුරා ගියේ කවදාදැයි කීම තවමත් ඉක්මන් වැඩි බවයි වෙරළාරක්ෂක අණදෙන නිලධාරි ජෝන් මෝගර් පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
23
+1
7
+1
13
+1
256
+1
15
+1
10
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?