සිරදඬුවම් නියම වී සිටින ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට සහ උන්වහන්සේට සමාව ප්රදානය කරන ලෙස බල කරමින් කොළඹ කොටුව ප්රදේශයේ විරෝධතා පැවැත්වීම වළක්වාලමින් ඉකුත්දා කොටුව මහේස්ත්රාත් අධිකරණය විසින් නිකුත් කළ නියෝගය ක්රියාත්මක කිරීම වළක්වාලන රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු අමාත්ය උදය ගමන්පිල විසින් අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.
එහි වග උත්තරකරුවන් ලෙස කොටුව පොලිසියේ ස්ථානාධිපතිවරයා, පොලිස්පතිවරයා, නීතිපතිවරයා සහ කොළඹ කොටුව මහේස්ත්රාත්වරයා නම් කර තිබෙනවා.
