තෙල්දෙණිය පොලිස් වසමේ දිගන ප්‍රදේශයේදී ඊයේ (11) දිනයේ තෙල්දෙණිය පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 5155 ක් හා එම ජාවාරමෙන් උපයා ගත් බවට සැක කරන මුදල් රුපියල් 63,000/ ක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන සඳහා රැඳවුම් නියෝග ලබාගෙන තිබෙනවා.
සැකකරු අවුරුදු 25 ක් වන දිගන ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
සැකකරුගෙන් අනාවරණය වූ තොරතුරු මත සැකකරුගේ නිවසේ සූක්ෂමව සඟවා තිබූ විදෙස් රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක්, අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 1250 ක්, කඩු 02 ක් හා උල් පිහියක් විමර්ශන නිලධාරීන් විසින් සොයා ගෙන තිබෙනවා.
තෙල්දෙණිය පොලිසිය විසින් වැඩිදුර විර්මශන සිදු කරනු ලබනවා.













