කල්පිටිය පොලිස් වසමේ කුරක්කන් හේන ප්‍රදේශයේ ඊයේ (11) දින දහවල් කලපුවක වල්ලමක් පෙරළීමෙන් එහි ගමන් කරමින් සිටි අඹුසැමි යුවළක්, ඔවුන්ගේ පිරිමි දරුවා හා ගැහැණු ළමයෙක් දියේ ගිලී කල්පිටිය රෝහලට ඇතුළත් කරන අවස්ථාවේ පිරිමි ළමයා හා ගැහැණු ළමයා මියගොස් තිබෙනවා.
මියගිය පිරිමි දරුවා අවුරුදු 07 ක් වූ ගැහැණු ළමයා අවුරුදු 13 ක් වූ තැඹිලිවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි පොලිසිය සඳහන් කළේ.
මොවුන් මසුන් ඇල්ලීම සඳහා යොදා ගන්නා දැල් රැගෙන ඒම සඳහා වල්ලමෙන් ගමන් කරමින් සිටියදී, මෙලෙස අනතුරට පත්ව ඇති බවට සිදු කළ විමර්ශනයේදී අනාවරණය වී තිබෙනවා.
පිරිමි පුද්ගලයා වැඩිදුර ප්‍රතිකාර සඳහා පුත්තලම රෝහලට ඇතුළත් කර ඇති බාවයි වාර්තා වන්නේ.
කල්පිටිය පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.













