ජාත්‍යන්තර ආර්ථිකය සමඟ තරග කිරීමට ලෝකයේ විශ්වාසය දිනා ගත යුතුයි – සාගල රත්නායක

ජාත්‍යන්තර ආර්ථිකය සමඟ තරග කිරීමට නම් ලෝකයේ රටවල විශ්වාසය දිනා ගත යුතු බව ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා පවසනවා.

ඒ සඳහා ජාත්‍යන්තරයේ පවතින සම්ම්ත නීති රෙගුලාසි සමඟ අප ද අනුගත විය යුතු අතර ඊට අනුකූලව ආර්ථිකය හසුරුවා ගැනීම මඟින් ජාත්‍යන්තර ආර්ථිකය සමඟ ඉදිරියට යා හැකි බවයි සාගල රත්නායක මහතා පෙන්වා දුන්නේ.

ඔහු මේ බව සඳහන් කර සිටියේ කොළඹ රාජකීය විද්‍යාලීය ලියෝ සමාජය (LEO CLUB OF ROYAL COLLAGE) විසින් සංවිධාන කළ, තෝරාගත් ආගමික ස්ථාන, පාසල් හා වැඩිහිටි නිවාසවලට උපකරණ කට්ටල බෙදා දීම වෙනුවෙන් අද (21) පැවැති උත්සවයට එක්වෙමින්.

කොළඹ රාජකීය විද්‍යාලීය ශ්‍රවණාගාරයේ පැවති මෙම උත්සවයේදී, තෝරා ගත් ආගමික සිද්ධස්ථාන හා වැඩිහිටි නිවාස සඳහා චීන රජයේ අනුග්‍රහය යටතේ ලබා දෙන ලද සූර්ය බල පද්ධති බෙදා දීම, තෝරා ගත් පාසල් කිහිපයකට ක්‍රිකට් උපකරණ කට්ටල ලබා දීම සහ තෝරා ගත් පාසල් සිසුන් සඳහා පාසල් බෑග් බෙදා දීම ද සිදු කෙරුණා.

ආර්ථික කළමනාකරණය විනිවිදභාවයකින් සිදු කිරීම මඟින් ජාත්‍යන්තර ආයෝජකයාගේ විශ්වාසය ඇති වන බවත් ආයෝජකයින් සිය මූල්‍ය යොදවන්නේ සුරක්ෂිත ආර්ථිකයක් හිමි රටවල් සමඟ බවයි ඔහු පෙන්වා දුන්නේ.

එබැවින් ආයෝජකයන්ට සුරක්ෂිත පරිසරයක් නිර්මාණය කිරීම ආණ්ඩුවේ වගකීම වන අතර ඒ සඳහා ජනාධිපතිවරයා කටයුතු කරමින් සිටින බව පෙන්වා දුන් ඒ මහතා පුරවැසියාගේ වගකීම ආයෝජකයන්ගේ විශ්වාසය තහවුරුවන ආකාරයට කටයුතු කිරීම බව ද කියා සිටියා.

2048 වන විට ශ්‍රී ලංකාව දියුණු රටක් බවට පත් කිරීමටත්, 2050 වන විට පරිසරයට එකතුවන විෂ වායු අවම කිරීම හා පරිසර හිතකාමී (NEX -0) වැඩසටහන් ආරම්භ කිරීමටත් ජනාධිපතිවරයා ප්‍රතිඥා දී තිබෙන බව සඳහන් කළ සාගල රත්නායක මහතා සඳහන් කළේ එම වැඩසටහන් සඳහා සියලු පුරවැසියන්ගේ දායකත්වය අපේක්ෂා කරන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය විරෝධී දිනය ගැන පොලිස් මාධ්‍ය ප්‍රකාශකගෙන් විශේෂ ප්‍රකාශයක්
01:52
Video thumbnail
බීඩි ගහපු සරත් දැන් විස්කි බිබී ගොවියට කසිප්පුකාරයාලු
01:03
Video thumbnail
මගේ මූලික අයිතිවාසිකම් කඩවීමක් වෙලා - ආණ්ඩුව නීතියට අත තියලා හොම්බෙන් යන්න ලෑස්තිවෙන්න
03:28
Video thumbnail
සලේගේ බිරිඳට අපි ගරු කරන්න ඕනි - පාස්කු ප්‍ර#රයේ පරීක්ෂණය ගැන ගොඩක් අය බලාගෙන ඉන්නේ
06:40
Video thumbnail
තෙල්දෙණිය තරුණියගේ සිරුර සැඟවීමට උදව් කළ මිතුරා පොලිසියට රැගෙන ආ හැටි
01:38
Video thumbnail
භෞතික චිකිත්සකවරියගේ ඝා#නයේ සැකකරු, බිරිඳ සහ දරුවා පොලිසියට භාරදුන් අයුරු
02:13
Video thumbnail
ආගම ගැන ඩයනාගෙන් සැර කතාවක් - අර යූටියුබ් කාරයෙක් ඉන්නවා බුදු දහමට අපහාස කරනවා..
09:57
Video thumbnail
ඩයනා නඩුවට ඇවිත් කිව්ව අමුතු කතාව - මාව මහ මුහුදට තමයි දාන්න වෙන්නේ..මොක්කදෝ හුටපටයක්
01:59
Video thumbnail
ඔයත් කොරියාවට යන්න හීනමවන කෙනෙක්ද ?යන්න කළින් මේ ගැන අනිවාර්යෙන් දැනගන්න!..නීති වෙනස් වෙයි
02:55
Video thumbnail
"මෙන්න පුනරුදේ..සුපිරි..ක්ලීන් ශ්‍රී ලංකා..ගමේ නෙළුම් මල් පිරිලා"ආණ්ඩුවට විතරක් ප්‍රශ්න විසඳන්න බැහැ
02:38