spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ජාත්‍යන්තර ආර්ථිකය සමඟ තරග කිරීමට ලෝකයේ විශ්වාසය දිනා ගත යුතුයි – සාගල රත්නායක

ජාත්‍යන්තර ආර්ථිකය සමඟ තරග කිරීමට නම් ලෝකයේ රටවල විශ්වාසය දිනා ගත යුතු බව ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා පවසනවා.

ඒ සඳහා ජාත්‍යන්තරයේ පවතින සම්ම්ත නීති රෙගුලාසි සමඟ අප ද අනුගත විය යුතු අතර ඊට අනුකූලව ආර්ථිකය හසුරුවා ගැනීම මඟින් ජාත්‍යන්තර ආර්ථිකය සමඟ ඉදිරියට යා හැකි බවයි සාගල රත්නායක මහතා පෙන්වා දුන්නේ.

ඔහු මේ බව සඳහන් කර සිටියේ කොළඹ රාජකීය විද්‍යාලීය ලියෝ සමාජය (LEO CLUB OF ROYAL COLLAGE) විසින් සංවිධාන කළ, තෝරාගත් ආගමික ස්ථාන, පාසල් හා වැඩිහිටි නිවාසවලට උපකරණ කට්ටල බෙදා දීම වෙනුවෙන් අද (21) පැවැති උත්සවයට එක්වෙමින්.

කොළඹ රාජකීය විද්‍යාලීය ශ්‍රවණාගාරයේ පැවති මෙම උත්සවයේදී, තෝරා ගත් ආගමික සිද්ධස්ථාන හා වැඩිහිටි නිවාස සඳහා චීන රජයේ අනුග්‍රහය යටතේ ලබා දෙන ලද සූර්ය බල පද්ධති බෙදා දීම, තෝරා ගත් පාසල් කිහිපයකට ක්‍රිකට් උපකරණ කට්ටල ලබා දීම සහ තෝරා ගත් පාසල් සිසුන් සඳහා පාසල් බෑග් බෙදා දීම ද සිදු කෙරුණා.

ආර්ථික කළමනාකරණය විනිවිදභාවයකින් සිදු කිරීම මඟින් ජාත්‍යන්තර ආයෝජකයාගේ විශ්වාසය ඇති වන බවත් ආයෝජකයින් සිය මූල්‍ය යොදවන්නේ සුරක්ෂිත ආර්ථිකයක් හිමි රටවල් සමඟ බවයි ඔහු පෙන්වා දුන්නේ.

එබැවින් ආයෝජකයන්ට සුරක්ෂිත පරිසරයක් නිර්මාණය කිරීම ආණ්ඩුවේ වගකීම වන අතර ඒ සඳහා ජනාධිපතිවරයා කටයුතු කරමින් සිටින බව පෙන්වා දුන් ඒ මහතා පුරවැසියාගේ වගකීම ආයෝජකයන්ගේ විශ්වාසය තහවුරුවන ආකාරයට කටයුතු කිරීම බව ද කියා සිටියා.

2048 වන විට ශ්‍රී ලංකාව දියුණු රටක් බවට පත් කිරීමටත්, 2050 වන විට පරිසරයට එකතුවන විෂ වායු අවම කිරීම හා පරිසර හිතකාමී (NEX -0) වැඩසටහන් ආරම්භ කිරීමටත් ජනාධිපතිවරයා ප්‍රතිඥා දී තිබෙන බව සඳහන් කළ සාගල රත්නායක මහතා සඳහන් කළේ එම වැඩසටහන් සඳහා සියලු පුරවැසියන්ගේ දායකත්වය අපේක්ෂා කරන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?