ජලාශ, වැව්, වේලි හා ජලය රැගෙන යන උමං මාර්ගවල සිදුකළ යුතු අලුත්වැඩියාවන් ගැන වාර්තාවක් ඉල්ලයි

දිවයිනේ සියලු ජලාශ, වැව්, වේලි හා ජලය රැගෙන යන උමං මාර්ගවල වර්තමාන ආරක්ෂිත තත්ත්වය පිළිබඳව ලබා ගන්නා තාක්ෂණික තොරතුරු මත පදනම්ව ඒවායෙහි සිදුකළ යුතු අලුත්වැඩියා කටයුතු සහ ඒ සඳහා අපේක්ෂිත පිරිවැය ද ඇතුළත්වන වාර්තාවක් සති දෙකක් තුළ තමා වෙත ලබා දෙන ලෙස ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.

එම වාර්තාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත ඉදිරිපත් කර කඩිනම් ඉදිරි පියවර ගැනීමට අපේක්ෂා කරන බවයි ඔහු සඳහන් කළේ.

දිවයිනේ සියලුම ජලාශ, වේලි හා ජලය රැගෙන යන උමං මාර්ගවල වර්තමාන තත්ත්වය සම්බන්ධව අදාළ රේඛීය ආයතනවල නිලධාරීන් සමඟ ජනාධිපති කාර්යාලයේදී අද (18) පැවති සාකච්ඡාවේදී ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මේ බව සඳහන් කළා.

වාරිමාර්ග දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය සහ විදුලිබල මණ්ඩලයට අයත් සියලුම ජලාශ, වේලි හා එම ජලාශවලින් ජලය රැගෙන යන උමං මාර්ගවල වර්තමානයේ පවතින තාක්ෂණික ආරක්ෂිත තත්ත්වය පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් කෙරුණා.

විශේෂයෙන් ජලය රැගෙන යන උමං මාර්ග අවහිර වීමෙන් මතුව ඇති ගැටළු පිළිබඳව මෙහිදී අවධානය යොමු වූ අතර, ඒවායේ වැලි හා මඩ ඉවත්කර යථා තත්ත්වයට පත් කිරීම, පසුගිය කාලයේ ඇතිවූ භූ කම්පනවලින් අදාළ ප්‍රදේශවල පිහිටි ජලාශ හා උමං මාර්ගවලට සිදුව ඇති බලපෑම මෙන්ම වාර්ෂිකව ඇතිවන සාමාන්‍ය තත්ත්වයන් යටතේ සිදුවන බලපෑම යන කරුණු පිළිබඳව ද සාකච්ඡාවට ලක්ව තිබෙනවා.

වාරිමාර්ග දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය හා විදුලිබල මණ්ඩලයේ කාර්යභාර ඉංජිනේරුවන් සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු මෙම සාකච්ඡාවට එක්ව සිටි බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
2026 ඔස්ට්‍රේලියා වීසා නීති වෙනස් වෙයි | යන්න කලින් මේක දැනගන්න - Exclusive
Video thumbnail
මින් පස්සේ හයිවේ එකේ යන හැමෝම සීට් බෙල්ට් දාන්න ඕනේ
04:51
Video thumbnail
10 වසර සිසුවෙකුට 11 වසර සිසුන් ඉදල්, කොසුවලින් ප#රදීලා ? "11 වසර කියන්නේ තනිකර මැරයෝ ටිකක්"
08:49
Video thumbnail
ඩෙංගු වැඩිවුණේ ආණ්ඩුව නිසා - වර්ධනය වෙනකම්ම හිටියා
01:21
Video thumbnail
කංචනට යනවයි කිව්ව ගාණට වඩා ලොකු ගාණක් දැන් යනවා
05:28
Video thumbnail
මුළු රටම ආණ්ඩුවට එරෙහිව පෙළගැහෙනවා
11:50
Video thumbnail
කසාගල ඉවර කරන්න බෑ වෙන කාටවත්..ඉවර කරන්නේ මම - අපි කොහෙවත් මූල්‍ය පනත උල්ලංඝනය කරලා නෑ
15:46
Video thumbnail
තෙල් මිල අඩුවීම ගැන ඇමති අනිල් කියයි - ගබඩා කරගත්ත ඒවාගේ තියෙන්නේ වැඩි මිලට ගත්ත එක
01:19
Video thumbnail
යෝෂිත වෙනුවෙන් උසාවියට ආපු දේශපාලන ප්‍රබලයෝ
03:28
Video thumbnail
වාහන ආනයනයේදී අය කරන 15%ක බද්ද ගැන අනිල් ජයන්ත හෙළිකරයි - ආනයනය සීමා කරන්නේ නෑ අපි
03:42