ජපාන මුදල් ඇමති දිවයිනෙන් පිටත්ව යයි

ශ්‍රී ලංකාවේ නිල සංචාරයකට එක්වූ ජපාන මුදල් අමාත්‍ය මහතා දිවයිනෙන් පිටත්ව ගොස් තිබෙනවා.

පසුගිය 11 වනදා මෙරටට පැමිණි ජපාන මුදල් අමාත්‍යවරයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙන්ම කතානායකවරයා ඇතුලු දේශපාලනඥයින් පිරිසක් ද හමුවී තිබුණා.

එමෙන්ම ආර්ථිකය ස්ථාවර කිරීම වෙනුවෙන් ජනාධිපතිවරයා ගෙන යන වැඩපිළිවෙල ද ඔහුගේ ප්‍රශංසාවට ලක්වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය කියාසිටියේ.

මෙරට දළ දේශීය නිෂ්පාදිතයේ දර්ශක සහ උද්දමන දර්ශකවල ධනාත්මක ප්‍රවණතා පෙන්වා දුන් ජපාන මුදල් අමාත්‍යවරයා ශ්‍රී ලංකාවට එම ප්‍රගතිය අත්පත් කර ගැනීමට හැකි වූයේ ජනාධිපති රනිල් වික්‍රසිංහ මහතාගේ නිවැරදි ආර්ථික වැඩපිලිවෙල හේතුවෙන් බවයි කියා සිටියේ.

ජපාන මුදල් අමාත්‍යවරයා තම ශ්‍රී ලංකා සංචාරය තුලදී ජයවර්ධනපුර රෝහල, කටුනායක ගුවන්තොටුපල මෙන්ම පාර්ලිමේන්තුවේ ද නිරීක්ෂණයකට එක්ව තිබුණා.

අද සිය නිල සංචාරය අවසන් කළ ජපාන මුදල් අමාත්‍යවරයා දිවයිනෙන් පිටත්ව ගිය අතර ඔහුට සමුදීම සදහා ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා එක්ව සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපක්ෂ නායක විදියට ඉස්මතුවෙන්නේ දැන් නාමල්..සජිත් ඇත්තටම දුර්වලයි..දියාරු ප්‍රතිපත්ති
02:33
Video thumbnail
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ගැන මනෝජ් කිව්ව සැර කතාව..දේශපාලකෝ කියන ඒවා ගැන කවර කතාද ?
02:29
Video thumbnail
තමන්ගේ ඔඩොක්කුවේ ඉන්න අයට ඉස්සෙල්ලා හරියට නීතිය ක්‍රියාත්මක කරන්න
02:01
Video thumbnail
දැක්කද ගෝඨාභය හිටිය හැටි ? අනුරටවත් එහෙම වෙන්න නරකයි..අවම ගෞරවයක් දක්වන්න බැයිද ?
01:15
Video thumbnail
මගේ ජීවිතය ගැනත් බයයි..තර්ජන තියෙනවා..කපිලව ඇයි ආණ්ඩුවට ආරක්ෂා කළේ නැත්තේ ?
03:28
Video thumbnail
Praharaya | 5වන විධායක ජනාධිපති නිල මාධ්‍ය ප්‍රකාශක, නීතිඥ මනෝජ් ගමගේ සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:24:58
Video thumbnail
මහින්ද වෙනුවෙන් නාමල් එතනට ආවේ නැත්තේ ඇයි ?"ඇවිල්ලා ගියා..වැඩිවෙලා හිටියේ නෑ එයා"
02:18
Video thumbnail
නොතීසිය ලැබෙන්නේ කපිලගේ එළොව යෑමෙන් පස්සේ..මෙතන බරපතළ සැකයක් තියෙනවා..
03:15
Video thumbnail
මහින්ද රටේ සිම්බල් එකක් වගේ..මනෝජ් ගමගේට යකා නගියි ? මහ සෙනඟ එන එක අපිට නවත්තන්න බෑ..
03:19
Video thumbnail
අද මිනිස්සු ආවේ අපි කියලා නෙවෙයි..කපිල දිවුරුම් ප්‍රකාශය නොදුන්නානම් අද මහින්දට මොනවා වෙයිද ?
06:40