ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල් තනතුරට ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර

ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර පත්කර තිබෙනවා.

ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් මෙම නව පත් කිරීම සිදුකර ඇති අතර, මීට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක විසින් අද (27) පස්වරුවේ ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ. එම්. විජේබණ්ඩාර වෙත භාර දෙනු ලැබුවා.

කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකුවන ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ. එම්. විජේබණ්ඩාර, කොළඹ විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී (ගෞරව) උපාධිය හා විවෘත විශ්වවිද්‍යාලයෙන් නීතිවේදී (ගෞරව) උපාධිධාරියෙක්.

ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ. එම්. විජේබණ්ඩාර කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ හිටපු කථිකාචාර්යවරයෙකු ද වනවා.