ජනපති සහ TNA මන්ත්‍රීවරුන් අතර සාකච්ඡාවක් හෙට

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ උතුරු නැගෙනහිර පළාත් නියෝජනය කරන දෙමළ ජාතික මන්ත්‍රීවරුන් අතර තවත් සාකච්ඡාවක් හෙට (15) පැවැත්වීමට නියමිතව තිබෙනවා.

දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති නීතිඥ එම්.ඒ. සුමන්දිරන් මහතා සඳහන් කළේ, හෙට (15) සවස 5.30ට ජනාධිපති කාර්යාලයේදී අදාළ සාකච්ජාව පැවැත්වෙන බවයි.

බලය බෙදීම, උතුරේ ඉඩම් ගැටලු සහ දෙමළ සිරකරුවන් නිදහස් කිරීම ඇතුළු කරුණු පිළිබඳව එහිදී සාකච්ජා කිරීමට නියමිතව තිබෙනවා.

පසුගිය දෙසැම්බර් මාසයේ සිට මේ දක්වා දෙමළ සන්ධාන මන්ත්‍රීවරුන් සහ ජනාධිපතිවරයා අතර පවත්වා ඇති සාකච්ජා වට සංඛ්‍යාව 05ක්.

මේ අතර ඉදියේදී මුස්ලිම් ජාතික මන්ත්‍රීවරුන් සමග, ඔවුන් නියෝජනය කරන ප්‍රජාව මුහුණ දෙන ගැටලු පිළිබඳව සාකච්ජා කිරීමට ජනාධිපතිවරයා සූදානමින් ඇතැයි, අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
spot_img

දසත උණුසුම් වීඩියෝ පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?