ජනපති සමග පැවති සාකච්ඡා විසඳුමකින් තොරව අවසන්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග මෙවර පැවති සාකච්ඡාව කිසිදු තීරණයකින් තොරව අවසන් වූ බව දෙමළ ජාතික සන්ධානය පවසනවා.

තමන් විසින් ඉදිරිපත් කළ ද්‍රවිඩ ජනතාවගේ ගැටලු සම්බන්ධයෙන් රජය මෙතෙක් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවයි එම පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්දිරන් මහතා ප්‍රකාශ කළේ.

අතුරුදන්වූවන්ගේ ප්‍රශ්නය, දේශපාලන සිරකරුවන් ගැටලුව මෙන්ම උතුරේ ඉඩම් මුල් හිමිකරුවන් වෙත නිදහස් කිරීම පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරුණු බව ඔහු සඳහන් කළා.

තම ඉල්ලීම් පෙර පැවති ආකාරයෙන්ම පවතින අතර මෙතෙක් එහි කිසිදු වෙනසක් සිදුවී නොමැති බවයි මන්ත්‍රීවරයා කියාසිටියේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ ලබන 15 වනදා යාපනයට පැමිණෙන බවට දැනුම්දී ඇති අතර එහිදී ඉඩම් ගැටලුව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිත බව ද ඔහු ප්‍රකාශ කළා.

මේ අතර නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ ඇති බලය බෙදා හැරීමේ ක්‍රමවේදය ඉටු කිරීම සම්බන්ධයෙන් අවස්ථා කිහිපයකදී ඉල්ලීම් කළ ද ඊට මෙතෙක් නිසි පිළිතුරක් ලැබී නොමැති බව ඔහු සඳහන් කළා.

සතියක කාලක් ඇතුලත ඒ සම්බන්ධයෙන් දැනුම් දෙන බවට රජයේ පාර්ශවයෙන් තමන්ට ප්‍රකාශ කළ අතර එසේ දැනුම්දීමක් සිදු කළහොත් පමණක් නැවත සාකච්ඡාවට යොමුවන බවයි එම්. ඒ. සුමන්දිරන් කියාසිටියේ.

මේ අතර මෙවර පළාත් පාලන මැතිවරණයේදී දෙමළ ජාතික සන්ධානය යටතේ කිසිවෙකුත් තරග නොකරන අතර ඉලංගෙයි තමිල් අරසු පක්ෂය සහ අනෙක් පක්ෂ දෙක වෙන වෙනම ඉදිරිපත් වන බව ද ඔහු ප්‍රකාශ කළා.

මැතිවරණය අවසානයේ ලැබෙන ප්‍රතිඵලය මත යළිත් දෙමළ ජාතික සන්ධානය ලෙසට එක්වී අදාළ ආයතනවල බලය පිහිටුවීම සම්බන්ධයෙන් අවධානය යොමුවී ඇතැයි ද සුමන්දිරන් මහතා පෙන්වා දෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවත්වන මැයි දින රැළිය - බොරැල්ල කැම්බල් පිටියේ සිට සජීවීව
00:00
Video thumbnail
චාමරගේ පැමිණීමෙන් කැම්බල් පිටියම දෙදරා යයි..චාමර මහ ජන ගඟක් එක්කම රැළියට
02:54
Video thumbnail
ගජරාමෙට ගහලා රැළියට ආ අන්කල් තව ටිකෙන් බස් එකෙන් බිම..බත් පැකට් එකයි බෝතලෙයි අරගෙන යන හැටි
01:53
Video thumbnail
සජබයේ වේදිකාවට ගොඩවුණු ආනන්ද පාලිත ආණ්ඩුවට අනතුරු අඟවයි
03:54
Video thumbnail
චාමර අතත් වනාගෙන සෙනඟ මැදින් රැළියට එයි..ඇඟ වගේම වැඩ..වැඩ වගේම හැඬ
08:54
Video thumbnail
සජිත්ගේ පැමිණීමත් එක්ක කොළඹ දෙදරෙයි
01:46
Video thumbnail
ලාල්කාන්ත මහ සෙනඟක් එක්ක ගැම්මට කිව්ව දේ..අපේ බලය, අනිත් ප්‍රතිවාදීන්ට ඔළුව උස්සන්න දෙන්නේ නෑ
02:39
Video thumbnail
මේ ආණ්ඩුව ආයේ දශක ගණනාවකට හොල්ලන්න බෑ..අපි 3% ඉන්නකොටත් පිරෙව්වා ගෝල්ෆේස්..දැන් එතනත් මදි
15:40
Video thumbnail
ජනතාව ජනපතිට දුන්න උණුසුම් සමුගැනීම..ජන ගඟක් මැදින් ජනපති ගැම්මට යයි
02:28
Video thumbnail
දිලිත් මැයි දින වේදිකාවේ ජනපතිව හොඳටම අමතයි
10:29