spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ජනපති සමග පැවති සාකච්ඡා විසඳුමකින් තොරව අවසන්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග මෙවර පැවති සාකච්ඡාව කිසිදු තීරණයකින් තොරව අවසන් වූ බව දෙමළ ජාතික සන්ධානය පවසනවා.

තමන් විසින් ඉදිරිපත් කළ ද්‍රවිඩ ජනතාවගේ ගැටලු සම්බන්ධයෙන් රජය මෙතෙක් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවයි එම පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්දිරන් මහතා ප්‍රකාශ කළේ.

අතුරුදන්වූවන්ගේ ප්‍රශ්නය, දේශපාලන සිරකරුවන් ගැටලුව මෙන්ම උතුරේ ඉඩම් මුල් හිමිකරුවන් වෙත නිදහස් කිරීම පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරුණු බව ඔහු සඳහන් කළා.

තම ඉල්ලීම් පෙර පැවති ආකාරයෙන්ම පවතින අතර මෙතෙක් එහි කිසිදු වෙනසක් සිදුවී නොමැති බවයි මන්ත්‍රීවරයා කියාසිටියේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ ලබන 15 වනදා යාපනයට පැමිණෙන බවට දැනුම්දී ඇති අතර එහිදී ඉඩම් ගැටලුව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිත බව ද ඔහු ප්‍රකාශ කළා.

මේ අතර නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ ඇති බලය බෙදා හැරීමේ ක්‍රමවේදය ඉටු කිරීම සම්බන්ධයෙන් අවස්ථා කිහිපයකදී ඉල්ලීම් කළ ද ඊට මෙතෙක් නිසි පිළිතුරක් ලැබී නොමැති බව ඔහු සඳහන් කළා.

සතියක කාලක් ඇතුලත ඒ සම්බන්ධයෙන් දැනුම් දෙන බවට රජයේ පාර්ශවයෙන් තමන්ට ප්‍රකාශ කළ අතර එසේ දැනුම්දීමක් සිදු කළහොත් පමණක් නැවත සාකච්ඡාවට යොමුවන බවයි එම්. ඒ. සුමන්දිරන් කියාසිටියේ.

මේ අතර මෙවර පළාත් පාලන මැතිවරණයේදී දෙමළ ජාතික සන්ධානය යටතේ කිසිවෙකුත් තරග නොකරන අතර ඉලංගෙයි තමිල් අරසු පක්ෂය සහ අනෙක් පක්ෂ දෙක වෙන වෙනම ඉදිරිපත් වන බව ද ඔහු ප්‍රකාශ කළා.

මැතිවරණය අවසානයේ ලැබෙන ප්‍රතිඵලය මත යළිත් දෙමළ ජාතික සන්ධානය ලෙසට එක්වී අදාළ ආයතනවල බලය පිහිටුවීම සම්බන්ධයෙන් අවධානය යොමුවී ඇතැයි ද සුමන්දිරන් මහතා පෙන්වා දෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?