ජනපති විදෙස් ගත වෙයි

එක්සත් රාජධානියේ ස්කොට්ලන්තයේ ග්ලාස්ගොව් හි පැවැත්වෙන COP : 26 එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුවට සහභාගී වීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (30) අළුයම දිවයිනෙන් පිටත්ව ගියා.

දේශගුණික විපර්යාස සහ ඊට මුහුණ දෙමින් කටයුතු කිරීමට රටවල් සැලසුම් කරන ආකාරය පිළිබඳ සාකච්ඡා කෙරෙන එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුව හෙට (31) සිට නොවැම්බර් 12 දක්වා ග්ලාස්ගොව් නුවරදී පැවැත්වේ. නොවැම්බර් 01 සහ 02 යන දෙදින එහි ලෝක නායකයන්ගේ සමුළුව සඳහා වෙන්කර තිබේ.

“දේශගුණික විපර්යාසයන්ට එරෙහි සටනේ තීරණාත්මක අවස්ථාව” ලෙස පැවැත්වෙන මෙම සමුළුවට ලොව පුරා රටවල් 197ක රාජ්‍ය නායකයෝ, රාජ්‍ය නියෝජිතයෝ, විද්වත්හු, ව්‍යාපාරිකයින් ඇතුළු ක්‍ෂේත්‍ර රැසක් නියෝජනය කරන විසිපන්දහසක පමණ පිරිසක් සහභාගී වෙති. එක්සත් රාජධානියේ මෙතෙක් පැවති විශාලතම සමුළුව මෙය බව ද වාර්තා වේ.

පරිසර අමාත්‍ය මහින්ද අමරවීර, සූර්යබල, සුළං හා විදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, විදේශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ, පරිසර අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ ද ජනාධිපතිතුමා සමග සංචාරයට එක්ව සිටියි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.05.05
00:00
Video thumbnail
කපිල චන්ද්‍රසේන ඇප මත මුදාහරියි..මූණත් වහගෙන ගැම්මට යන හැටි
01:18
Video thumbnail
චතුරංග මොකද්ද මේ කියන්නේ..?
12:05
Video thumbnail
හරීන් ප්‍රනාන්දු එළියට ඇවිත් හිනාවෙවී කිව්ව දේ.."වෙලාවක් එනකල් බලන් ඉන්නවා ඇත්තේ"
00:45
Video thumbnail
ලැජ්ජයි ලැජ්ජයි ලැජ්ජයි - නාමල් පාර්ලිමේන්තුව දෙවනත් කරයි
09:40
Video thumbnail
වසන්ත සැණකෙළියෙන් පසු නුවරඑළියට වෙලා තියෙන විනාශයක්..මෙහෙම මිනිස්සු ඉද්දි රටවල් හැදෙයිද ?
01:27
Video thumbnail
හර්ෂ ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්නම අමතයි
10:59
Video thumbnail
මේ බ#ලා මාව දැකලා හැංගුණා - කොන්ද පණ නැති ආණ්ඩුවක්
04:32
Video thumbnail
සතියක් ගිහින් පොලිසිය තාම පොල් ගානවද ?කොණ්ඩේ බැඳපු චීන්නු නෙවෙයි..සුගීෂ්වරගෙන් ආණ්ඩුවට සැර සත්තමක්
07:39
Video thumbnail
මාලදිවයින ජනාධිපති වෙනුවෙන් විශේෂ රාත්‍රී භෝජන සංග්‍රයක්
02:53