කුඩාවැල්ල ධීවර වරායේ වෙඩි තැබීමක්

කුඩාවැල්ල ධීවර වරාය තුළ අද (05) දහවල් වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.

කුඩාවැල්ල ප්‍රදේශයේ මාළු ව්‍යාපාරිකයෙකු ධීවර වරායට පැමිණ අහසට වෙඩි තබා ඇති බවයි වාර්තා වන්නේ.

වෙඩි තැබීම සිදුකළ පුද්ගලයා තංගල්‍ල මූලස්ථාන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ.

.අත්අඩංගුවට ගැනුණු පුද්ගලයා සතුව තිබූ ඔහුට අයත් නීත්‍යයානුකූ ගිනි අවිය ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.