යූරියා මෙට්‍රික්ටොන් 20,000ක් සඳහා වූ ප්‍රසම්පාදන ක්‍රියාවලියට කැබිනට් අනුමැතිය

2026/2027 මහ කන්නය සඳහා අවශ්‍ය යූරියා පොහොර තොග සංචිත සුදානම් කිරීමට හැකි වන පරිදි ඍජු පොහොර ලෙස සහ එළවළු හා අනෙකුත් බෝග වගා සඳහා මිශ්‍ර පොහොර නිෂ්පාදනයට යූරියා මෙට්‍රික්ටොන් 20,000 ක් ප්‍රසම්පාදනය කිරීමට ස්ටේට් ෆර්ටිලයිසර් කම්පැනි ලිමිටඩ් විසින් සැලසුම් කර තිබෙනවා.

ඒ අනුව, ජාත්‍යන්තර තරගකාරී ප්‍රසම්පාදන ක්‍රමවේදය අනුගමනය කරමින් යූරියා (Prilled) මෙට්‍රික්ටොන් 20,000 ක් මිල දී ගැනීම පිණිස ප්‍රසම්පාදන ක්‍රියාවලිය ක්‍රියාත්මක කිරීම සඳහා කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !