පළාත් 05කට අකුණු ගැන කාලගුණයෙන් අනතුරු ඇගවීමක්

මධ්‍යම, සබරගමුව, නැගෙනහිර, ඌව සහ උතුරු මැද පළාත්වලත් වවුනියා සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අද (05) පස්වරු 1.00න් පමණ පසුව ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ගිගුරුම් සහිත වැසි සමඟ එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ද ඇති විය හැකි බවයි කාලගුණ නිවේදනයේ සඳහන් වන්නේ.

අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත් කාලගුණ නිවේදනය මඟින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !