ජනපති රනිල්ගේ පළමු කැබිනට් රැස්වීම අද

කැබිනට් මණ්ඩල රැස්වීම අද (25) පස්වරුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ජනාධිපතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ තේරී පත්වීමෙන් පසු පවත්වන පළමු අමාත්‍ය මණ්ඩල රැස්වීම මෙය වීම ද විශේෂත්වයක්.

කෙසේ වෙතත් අද දිනයේ අමාත්‍ය මණ්ඩල රැස්වීම පැවැත්වෙන ස්ථානය සම්බන්ධයෙන් මේ වන තෙක් තොරතුරක් වාර්තා වන්නේ නැහැ.

මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ එම ධුරයට පත්වීමෙන් පසු හමුවන පළමු ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම හෙට (26) දිනයේ දී කැඳවා තිබෙනවා.

දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ මෙම රැස්වීමේ දී හදිසි නීතිය පාර්ලිමේන්තුවට ඉදිරිපත්කර සම්මත කරගැනීම මෙන්ම සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධයෙන් සාකච්ඡා කරන බවයි.