ජනපති රණවිරු සැමරුමට සහභාගී නොවන බවට කතාවක් ගෙතුවේ විපක්ෂය – මන්ත්‍රී චමින්ද ලලිත්

ජනාධිපති අනුර කුමාර දිසානායක ජාතික රණවිරු සැමරුම් උත්සවයට සහභාගී නොවන බවට කතාවක් ගොතන ලද්දේ විපක්ෂය විසින් බව ජාතික ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද ලලිත් කුමාර පවසනවා.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළා.

විපක්ෂය විසින් ගොතන මෙම කතාව සමාජ මාධ්‍ය උපයෝගී කරගනිමින් තහවුරු කිරීමට කටයුතු කරන බවයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසුවේ.

මේ අතර ජාතික රණවිරු සැමරුම් උත්සවය අද (19) බත්තරමුල්ල රණවිරු ස්මාරකය අභියසදීයි පැවැත්වීමට නියමිතයි.

ඒ, ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන්.

රජය විසින් මීට පෙර නිවේදනය කර තිබුණේ ජාතික රණවිරු සැමරුම් උත්සවය; ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරල් අරුණ ජයසේකරගේ මූලිකත්වයෙන් පැවැත්වෙන බවයි.

කෙසේ වෙතත් මෙම සැමරුම් උත්සවය සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක සහභාගී වන බවට රණවිරු සේවා අධිකාරියේ සභාපති විශ්‍රාමික බ්‍රිගේඩියර් සෙනරත් කොහොන මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඊයේ (18) සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"හාමුදුරුවෝ එක කෝල් එකයි දුන්නේ ජනපති උදව් කළා"අපේ ආණ්ඩුව කියන්න පුළුවන් ආණ්ඩුවක් මේ
02:47
Video thumbnail
නාමල් දන්නවා නාමල් කළේ මොකක්ද කියලා - අත්අඩංගුවට ගන්නවා කියලා දන්නවනම් කලින් රැස්වීම් තියන්න
02:22
Video thumbnail
කතරගම චණ්ඩින්ගේ හපන්කම් මෙන්න - ගෙවල් කඩලා, ළමයින්ගේ පොත් පත්, ඇඳුම් සේරම ගිනි තියලා ගිහින්
03:30
Video thumbnail
ටීපර් රථයක් පළතුරු කඩයක් කඩාගෙන නැවතෙයි - 31ක හැවිරිදි පුද්ගලයෙක්ට දිවි අහිමි වෙයි
00:43
Video thumbnail
අපේ ජීවිතේ වටිනා වස්තුවක් ප්‍රියංකර - ඒ සුන්දරත්වය දකින නළුවෙක් ආයේ මේ කාලයේ නම් දකින්න නෑ
02:47
Video thumbnail
ප්‍රියංකර තමයි දන්නේ ඔහු විඳපු දුක - ඔහු ඒ සතුට සොයන් ගියා..ගායන ශිල්පී නලින්ගෙන් පිටවූ සංවේදි වදන්
03:07
Video thumbnail
ජනාධිපති අනුර ප්‍රියංකර පෙරේරාට අවසන් ගෞරව දක්වයි
01:34
Video thumbnail
ජනාධිපති අනුර ප්‍රියංකර පෙරේරාට අවසන් ගෞරව දක්වයි - පවුලේ අය එක්ක දුක බෙදාගත්ත හැටි
01:50
Video thumbnail
ප්‍රියංකරට සමුදෙන්න ආ අර්ජුන රණතුංග ඉදිරියේ සංවේදී වූ දිල්හානි - සුජාතා අත්තනායකත් එයි
01:03
Video thumbnail
ප්‍රියංකරගේ වෙන්ව යාම දරාගත නොහැකිවූ දිල්හානි..
00:08