පසුගිය 9 වනදා ජනාධිපති මන්දිරයට විරෝධතාකරුවන් ඇතුළු වී එහි තිබූ දේපළවලට අලාභ හානි කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ මධ්‍යම කොට්ඨාශ අපරාධ විමර්ශණ කාර්යාංශය මගින් සිදුකරන විමර්ශනව සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කොළඹ 14 ප්‍රදේශයේ පදිංචි සැකකරු අවුරුදු 26ක අයෙක් මෙලෙස අත්අඩංගුවට ගනු ලැබුවා.විරෝධතාකරුවන් අතර සිටි පිරිසක් ජනාධිපති මන්දිරය තුල මුදල් ගණන් කරමින් සිටින ආකාරය දැක්වෙන වීඩියෝවක් විද්‍යුත් හා සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ප්‍රචාරය වූ අතර අත්අඩංගුවට ගත් මෙම සැකකරු එම මුදල් ගණන් කරමින් සිටි කණ්ඩායමේ සාමාජිකයෙකු බවටයි හඳුනාගෙන ඇත්තේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
9













