ජනපති අනුර හෙට රෑ ජාතිය අමතයි

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හෙට (25) දිනයේ දී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් ජාතිය ඇමතීමට නියමිත ව තිබෙනවා.

ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ ජනාධිපතිවරයා හෙට රාත්‍රී 7.30ට ජාතිය ඇමතීමට සූදානම් බවයි.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා 21 පැවති ජනාධිපතිවරණයේ දී ජයග්‍රහණය කරමින් 22 වැනිදා පෙරවරුවේ ජනාධිපති ධුරයෙහි දිවුරුම් දුන්නා.

ඉන් අනතුරුව අද දිනයේ දී නව අග්‍රාමාත්‍යවරිය ලෙස ආචාර්‍ය හරිනි අමරසූරිය පත් කෙරුණු අතර; ඊට අමතරව අමාත්‍යාංශ 15කින් සමන්විත කැබිනට් මණ්ඩලය ද සාමාජිකයින් තිදෙනකුට සීමා කරමින් පත් කෙරුණා.

එහි ජනපති, අගමැතිනිට අමතරව ඇත්තේ එක් කැබිනට් අමාත්‍යවරයෙකු වීම ද විශේෂත්වයක්.

මෙය ඉතිහාසයේ ජනාධිපතිවරයෙකු මෙරට පත් කළ කුඩාම කැබිනට් මණ්ඩලය ද වනවා.

එමෙන්ම ජනාධිපතිවරයා අද දිනයේ දී අමාත්‍යාංශ ලේකම්වරුන් ද පත් කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනතාව වෙනුවෙන් මන් මැ#න්නත් බය නෑ - චාමරට යකා ආවේශ වෙයි
16:11
Video thumbnail
බලාගෙන හිටියා වජිරයට කොහොමද දඩුවම් කරන්නේ කියලා. ලබන සිංහල අවුරුද්දට කලින් මේ ආණ්ඩුව ඉවරයි..
00:20
Video thumbnail
වජිර කතාව පටන්ගන්න යද්දී එකපාරටම පිරිසක් වේදිකාවට ගොඩවෙයි
04:04
Video thumbnail
බුලත් අත සම්පූර්ණ වෙන්නේ දුම්කොල තිබ්බොත්.. දැන් දුම්කොලත් අල්ලනවා ඉවරයි ඉවරයි සංස්කෘතිය ඉවරයි..
00:18
Video thumbnail
හොඳට හිතේ තියාගන්න.. ලියලා තියාගන්න.. එළවනවා එළවනවාමයි...
00:11
Video thumbnail
ලපයි සිපයි JVPකාරයොන්ට බය නෑ - මගේ බල්ලව විතරයි තාම අල්ලස් එකට ගෙනාවේ නැත්තේ
07:15
Video thumbnail
වජිරගේ කතාව මැද පිරිසක් බෝඩ් උස්සගෙන වේදිකාවට ආපු පිරිසක් නිසා වෙච්ච දේ..
00:11
Video thumbnail
ලංකාවේ කොහෙන් ඉල්ලුවත් එකෙන්ම දිනනවා කියලා පම්පොරි ගහපු චාමරගේ කතාව..
00:10
Video thumbnail
"නයි, මුගටි ඔක්කොම එකතු කරගෙන මිසක් මේ ආණ්ඩුව එළවන්න බෑ"
00:20
Video thumbnail
මක්කෙලා හු#කෙලා කියලා හැමදාම කෙ#ලා අරිනවා
05:00