ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ඉන්දීය විදේශ ලේකම් ශ්‍රී. වික්‍රම් මිස්රි අතර හමුවක් සිදුව තිබෙනවා.
ඉන්දියානු ආධාර යටතේ ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන ප්‍රධාන සංවර්ධන ව්‍යාපෘති සමාලෝචනය කිරීම පිළිබද ද මෙහිදී සකච්ඡා වී තිබෙනවා.
එමෙන්ම මෙහිදී, ‘දිට්වා’ (Ditwah) සුළි කුණාටුවෙන් සිදුවූ විනාශයන්ගෙන් පසු ශ්‍රී ලංකාවට ලබාදී ඇති ඇමරිකානු ඩොලර් මිලියන 450ක ප්‍රතිසංස්කරණ පැකේජයේ කොටසක් ලෙස, ඉන්දීය රුපියල් නිරූපිත ඩොලර් මිලියන 350ක ණය සීමාවන් (Lines of Credit) සඳහා වන ගිවිසුම් දෙපාර්ශ්වය විසින් හුවමාරු කරගෙන තිබෙනවා.













