ජනපති අනුරගේ මැයි රැලියේ ප්‍රකාශයක් ගැන නීතිඥ සංගමයේ කනසල්ල

පසුගියදා පැවති මැයි දින රැලියක් අමතමින් ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එළැඹෙන මැයි 25 වැනිදා ලබා දීමට ඇති අධිකරණ තීන්දුවක් සම්බන්ධයෙන් මැයි දින රැලියේදි සිදුකළ ප්‍රකාශය සම්බන්ධව, එම නිවේදනය මඟින් ශ්‍රී ලංකා නීතිඥ සංගමය සිය දැඩි කනස්සල්ල පළකර තිබෙනවා.

එම තීන්දුව ලබාදුන්විට ඒ පිළිබඳව උදම් ඇනීමට ජනතාවට හැකිවන බව ජනාධිපතිවරයා ප්‍රකාශ කිරීම අධිකරණ ක්‍රියාවලියට මැදිහත්වීමක් ලෙස මතයක් ගොඩනගන බවයි එම නිවේදනයේ සඳහන් වන්නේ.

එවැනි ප්‍රකාශ මගින් අධිකරණය කෙරෙහි ජනතා විශ්වාසය පළුදුවීමට හේතුවිය හැකි බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය එම නිවේදනය මගින් පෙන්වා දී තිබෙනවා.

ශ්‍රී ලංකා නීතිඥ සංගමය, අධිකරණයේ ස්වාධීනත්වය සහ සම්පූර්ණතාව සහතික කිරීම සඳහා කැපවී සිටින බවත්, එය ආරක්ෂාකිරීමට හා සුරක්ෂිත කිරීමට අවශ්‍ය සියලු පියවර ගන්නා බවත් නීතිඥ සංගමය නිකුත් කළ එම නිවේදනයේ සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
1
+1
17
+1
0
+1
1
+1
4
+1
6
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !