ජනපති අනුරගේ මැයි රැලියේ ප්‍රකාශයක් ගැන නීතිඥ සංගමයේ කනසල්ල

පසුගියදා පැවති මැයි දින රැලියක් අමතමින් ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එළැඹෙන මැයි 25 වැනිදා ලබා දීමට ඇති අධිකරණ තීන්දුවක් සම්බන්ධයෙන් මැයි දින රැලියේදි සිදුකළ ප්‍රකාශය සම්බන්ධව, එම නිවේදනය මඟින් ශ්‍රී ලංකා නීතිඥ සංගමය සිය දැඩි කනස්සල්ල පළකර තිබෙනවා.

එම තීන්දුව ලබාදුන්විට ඒ පිළිබඳව උදම් ඇනීමට ජනතාවට හැකිවන බව ජනාධිපතිවරයා ප්‍රකාශ කිරීම අධිකරණ ක්‍රියාවලියට මැදිහත්වීමක් ලෙස මතයක් ගොඩනගන බවයි එම නිවේදනයේ සඳහන් වන්නේ.

එවැනි ප්‍රකාශ මගින් අධිකරණය කෙරෙහි ජනතා විශ්වාසය පළුදුවීමට හේතුවිය හැකි බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය එම නිවේදනය මගින් පෙන්වා දී තිබෙනවා.

ශ්‍රී ලංකා නීතිඥ සංගමය, අධිකරණයේ ස්වාධීනත්වය සහ සම්පූර්ණතාව සහතික කිරීම සඳහා කැපවී සිටින බවත්, එය ආරක්ෂාකිරීමට හා සුරක්ෂිත කිරීමට අවශ්‍ය සියලු පියවර ගන්නා බවත් නීතිඥ සංගමය නිකුත් කළ එම නිවේදනයේ සඳහන්.

  1. සාමන්‍ය ජනතාවට නොතේරෙන ඉංග්‍රීසි භාෂාව බොහෝ විට අධිකරණ තුළ භාවිතා වීම සහ අධිකාරි බලයක් සහ ආරූඪ කරගත් ගාම්භීර ක්‍රියා පිළිවෙල නිසා අධිකරණ සහ එම ක්‍රියාවලි ජනතා හදවත් වලට ඉතාම දුරස්ථ භාවයක් ඇත. නීතිය යනු ඉතා අමාරුවෙන් අනාවරණය කර ගත් ගැඹුරු මූලධර්ම සහිත විෂයයක් නොව සමාජයේ පැවැත්ම උදෙසා මිනිසුන් විසින් ම සම්මත කරගත් එකගතාවයන් ගොන්නකි. අධිකරණ පද්ධතිය තුළ ක්‍රියාත්මක වන මෙම ක්‍රියාපරිපාටිය නීතිඤයන්ට අසාමාන්‍ය ලෙස සේවාදායකයින්ගෙන් මුදල් අයකර ගැනීමට රුකුලක් වී ඇත.
    මේ තත්ත්වය වෙනස් වී නීතිය සහ අධිකරණ ක්‍රියාවලිය සාමන්‍ය ජනතාවට සමීප, ස්පර්ශ කළ හැකි ජනතාවදී එකක් විය යුතුය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිහින්තලා හිමිගෙන් වර්තමාන රජයට චෝදනා - පොසොන් පෝයට ජනාධිපති එනවා කියලා අන්තිමේදි ආවේ නෑ
09:40
Video thumbnail
කාව හිරේ දැම්මත් ආණ්ඩුව එළවන වැඩේ අපි කරනවා
04:58
Video thumbnail
රතිඤ්ඤා එකක්වත් හරියට පිපිරුන් නැති රටක් මේක, දැන් හැමදාම වෙ# පත්තුවෙනවා
04:16
Video thumbnail
දුම්රිය වර්ජනය ගැන ජනතා අදහස් - බුදුන් අපිව බැලුවද දන්නේ නෑ..
01:06
Video thumbnail
මට්ටක්කුලියේ බිහිසුණු අනතුර සිදුවූ හැටි කැමරාවේ සටන් වූ අයුරු
00:49
Video thumbnail
සජිත් ප්‍රේමදාස 22ක ගැන සැරටම කිව්ව දේ - අධිකරණය විධායකයේ වහලෙක් කිරීමේ කුමන්ත්‍රණය 22වන ව්‍යවස්ථාව
03:59
Video thumbnail
දුම්රිය වර්ජකයින්ට මහින්දගෙන් සැර කතාවක් - කිසිදු දැනුම්දීමක් කරලා නෑ..කිසිසේත්ම අනුමත කරන්නේ නෑ
04:54
Video thumbnail
කඩාකප්පල්කාරී වැඩ අපි ළඟ නෑ - වෘත්තීය සමිති ඉතිහාසයේ සාකච්ඡා නොදුන් එකම රජය
06:34
Video thumbnail
නාමල් රාජපක්ෂ බැලීමට සීලරතන හිමි වැලිකඩට - "නාමල් ඉලන්දාරියා යස අගේට ඉන්නවා"
04:17
Video thumbnail
ලංකාවේ සෑම ස්ථානයකටම ගිගුරුම් සහිත වැසි - කාලගුණයේ නවතම තතු මෙන්න
02:55