ජනාධිපති රනිල් වික්‍රමසිංහ නිල සංචාරයක් සඳහා අද ජපානය වෙත ළඟාවීමට නියමිතව තිබේ. ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.
ජනාධිපතිවරයා ඊයේ (23) සිංගප්පූරුව වෙත පිටත්ව ගිය අතර ජනාධිපතිවරයා එහිදී එරට නීතිය සහ ස්වදේශ කටයුතු අමාත්‍ය කේ.ෂන්මුගම් මහතා ඇතුළු එරට ඉහළ පෙළේ රාජතාන්ත්‍රිකයින් කිහිපදෙනෙකු සමග සාකච්ඡා පවත්වා තිබේ.
අනතුරුව ජනාධිපතිවරයා ජපානය වෙත පිටත්ව යාමට නියමිතය.ජනාධිපතිවරයා අද සිට 27 වැනිදා දක්වා ජපානය තුළ රැඳීසිටිනු ඇති. ජපාන නිල සංචාරයේදී ජනාධිපතිවරයා එරට අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩා සමග සාකච්ඡා පැවැත්වීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කරනවා
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
1
+1
+1
+1
1