spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ජනපති අගමැති පවා සහභාගී වූ මහා මගුලේ කපුවා පොලීසි යයි.. ගිහින් ඉල්ලපු දේ

ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනය කරන රාජ්‍ය ඇමැතිවරයකුගේ දියණියට සහකරුවකු සොයා දීමේ කපු ගාස්තුව නුදුන් බවට හංවැල්ල ප්‍රදේශයේ පුද්ගලයෙක් බියගම පොලිසියට පැමිණිලි කර තිබේ.

දියණියට සහකරුවකු සොයා දෙන ලෙස කපු මහතාට දැනුම් දී ඇත්තේ රාජ්‍ය ඇමැතිවරයාගේ මාමණ්ඩිය ය. ඔහු කටුනායක ආයෝජන ප්‍රවර්ධන කලාපයේ කම්හලක තනතුරක් දරන අතර මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇත්තේ කපු මහතා කම්හලට ගෙන්වා ගනිමිනි. එම කටයුත්ත වෙනුවෙන් තමන්ට නිවසක් ලබා දෙන ලෙස කපු මහතා කළ ඉල්ලීමට ද මාමාණ්ඩිය එකඟතාව පළ කර ඇත. ඒ අනුව කපු මහතා ද මහත් පරිශ්‍රමයක් දරා සහකරුවකු සොය දී ඇති අතර වසරක පමණ ආශ්‍රයකින් පසුව දෙදෙනා ඉකුත් වසරේ නොවැම්බර් මාසයේ දී යුග දිවියට එළැඹ තිබේ. යුග දිවියට එළැඹීම වෙනුවෙන් කොළඹ තරු හෝටලයක පැවැති උත්සවයට ජනාධිපතිවරයා මෙන්ම අගමැතිවරයා ද සහභාගි වී ඇත. එම උත්සවයට තමන්ට ආරාධනා නොකළ බව එම කපු මහතා පැවසීය.

උත්සවයෙන් පසු මාස කිහිපයක් ගත වුවද රාජ්‍ය ඇමැතිවරයාගේ මාමණ්ඩියගෙන් පොරොන්දු වූ ආකාරයට ගාස්තුව නොලැබුණු බවත් ඒ පිළිබඳ විමසීමෙන් පසු වරින් වර රුපියල් පන්දහස බැගින් රුපියල් තිස් දහසක් සිය ගිණුමට බැර කර තිබූ බවත් ඒ මහතා සඳහන් කළේය. දියණියට සහකරුවකු සොයා දුන්නේ තමන් බව රාජ්‍ය ඇමැතිවරයා නොදන්නවා ඇතැයි විශ්වාස කරන බවත් මාමාණ්ඩිය දුන් පොරොන්දුව ඉටු නොකිරීම නිසා තමන්ට තවදුරටත් කුලී නිවසක කල් ගෙවීමට සිදු වී ඇති බවත් හෙතෙම කියයි.

මේ පිළිබඳ පැමිණිලි කිරීම සඳහා තමන් පදිංචි ස්ථානයට අයත් හංවැල්ල පොලිස් ස්ථානයට ගිය බව ද එම පොලිසියේ උපදෙස් මත පැමිණිල්ල බියගම පොලිසියට ඉදිරිපත් කළ බවද කපු මහතා සඳහන් කළේය. CIB 2/229/51 අංකය යටතේ ඔහු පැමිණිල්ල ඉදිරිපත් කර ඇත්තේ ඉකුත් 7 වැනිදාය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
16
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රට වටේ තිබුණු විවිධ ඡන්ද වලින් දැනට මාලිමාව ඉන්න තැන මෙන්න
09:52
Video thumbnail
මෙවර තමන්ට ඕනේ තැනකින් ඡන්දය දැමීමේ අවස්ථාව...#elections2024
02:38
Video thumbnail
මෛත්‍රී සහභාගී වූ විශේෂ මාධ්‍ය හමුව...#maithripalasirisena
05:11
Video thumbnail
දසත Mid Day 11.25 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය - DASATHA NEWS 11.25 PM LIVE | 2024-07-27|Dasatha News
31:18
Video thumbnail
වික්‍රමබාහු කරුණානායට අවස්න ගෞරව දක්වන්න ආ ජනපති
00:43
Video thumbnail
"9වන විධායක ජනාධිපතිත් රනිල්" #ranilwickremesinghe
01:48
Video thumbnail
ක්‍රිකට් ක්‍රීඩා ලෝලීන්ගේ සතුට - "ලංකාවේ කෙල්ලො ටිකනම් සුපිරී"
02:43
Video thumbnail
රනිල් උන්මන්ත නායකයෙක්... "මෙයාලා බලය වෙනුවෙන් ඕනෑම දුෂ්ඨ ක්‍රියාවකට යනවා" #anurakumaradissanayake
08:48
Video thumbnail
වත්මන් T20 නායක චරිත් අසලංකගේ Planඑක මෙන්න... #cricket #t20cricket #charithasalanka
04:48
Video thumbnail
සැප්තැම්බර් 22 නියත ජනපති 'අනුර' #npp #akd #anurakumaradissanayake #elections2024
06:50

?