ජනපති අගමැති පවා සහභාගී වූ මහා මගුලේ කපුවා පොලීසි යයි.. ගිහින් ඉල්ලපු දේ

ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනය කරන රාජ්‍ය ඇමැතිවරයකුගේ දියණියට සහකරුවකු සොයා දීමේ කපු ගාස්තුව නුදුන් බවට හංවැල්ල ප්‍රදේශයේ පුද්ගලයෙක් බියගම පොලිසියට පැමිණිලි කර තිබේ.

දියණියට සහකරුවකු සොයා දෙන ලෙස කපු මහතාට දැනුම් දී ඇත්තේ රාජ්‍ය ඇමැතිවරයාගේ මාමණ්ඩිය ය. ඔහු කටුනායක ආයෝජන ප්‍රවර්ධන කලාපයේ කම්හලක තනතුරක් දරන අතර මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇත්තේ කපු මහතා කම්හලට ගෙන්වා ගනිමිනි. එම කටයුත්ත වෙනුවෙන් තමන්ට නිවසක් ලබා දෙන ලෙස කපු මහතා කළ ඉල්ලීමට ද මාමාණ්ඩිය එකඟතාව පළ කර ඇත. ඒ අනුව කපු මහතා ද මහත් පරිශ්‍රමයක් දරා සහකරුවකු සොය දී ඇති අතර වසරක පමණ ආශ්‍රයකින් පසුව දෙදෙනා ඉකුත් වසරේ නොවැම්බර් මාසයේ දී යුග දිවියට එළැඹ තිබේ. යුග දිවියට එළැඹීම වෙනුවෙන් කොළඹ තරු හෝටලයක පැවැති උත්සවයට ජනාධිපතිවරයා මෙන්ම අගමැතිවරයා ද සහභාගි වී ඇත. එම උත්සවයට තමන්ට ආරාධනා නොකළ බව එම කපු මහතා පැවසීය.

උත්සවයෙන් පසු මාස කිහිපයක් ගත වුවද රාජ්‍ය ඇමැතිවරයාගේ මාමණ්ඩියගෙන් පොරොන්දු වූ ආකාරයට ගාස්තුව නොලැබුණු බවත් ඒ පිළිබඳ විමසීමෙන් පසු වරින් වර රුපියල් පන්දහස බැගින් රුපියල් තිස් දහසක් සිය ගිණුමට බැර කර තිබූ බවත් ඒ මහතා සඳහන් කළේය. දියණියට සහකරුවකු සොයා දුන්නේ තමන් බව රාජ්‍ය ඇමැතිවරයා නොදන්නවා ඇතැයි විශ්වාස කරන බවත් මාමාණ්ඩිය දුන් පොරොන්දුව ඉටු නොකිරීම නිසා තමන්ට තවදුරටත් කුලී නිවසක කල් ගෙවීමට සිදු වී ඇති බවත් හෙතෙම කියයි.

මේ පිළිබඳ පැමිණිලි කිරීම සඳහා තමන් පදිංචි ස්ථානයට අයත් හංවැල්ල පොලිස් ස්ථානයට ගිය බව ද එම පොලිසියේ උපදෙස් මත පැමිණිල්ල බියගම පොලිසියට ඉදිරිපත් කළ බවද කපු මහතා සඳහන් කළේය. CIB 2/229/51 අංකය යටතේ ඔහු පැමිණිල්ල ඉදිරිපත් කර ඇත්තේ ඉකුත් 7 වැනිදාය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14