ජනපතිගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්

රටේ ජනතාව තමාව ජනාධිපති ලෙස පත්කර ගත්තේ පරිප්පුවල හෝ හාල්වල මිල බලන්නට නම් ඉන් ඵලක් නොවන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ජනාධිපතිවරයා ඒ බව සඳහන් කළේ, සියයට සියයක් කාබනික ගොවිතැන ඔස්සේ වගාව සාර්ථක කරගත් ගොවිපොළක් නිරීක්ෂණය කිරීම සඳහා අද (23) පැමිණ සිටි අවස්ථාවේදීය.

“අපේ පහුගිය රජයවල් පවා මේක කරන්නට උත්සහය අරගෙන තියෙනවා. මේක අමාරු කාර්යයක්. අවුරුදු 30ක් විතර, මගේ පරම්පරාවේ අයනම් දැකලා තියෙනවා පාරම්පරික වගාවක් කරන හැටි. නමුත් අවාසනාවකට වගේ කිසිම නායකයෙක් මේ තීරණය ගත්තේ නෑ. මම විශ්වාස කරන්නේ මාව පත් කළේ නිකං පරිප්පුවල ගාන බලන්නයි හාල්වල ගාන බලන්නයි නම් මාව වැඩක් නෑ. නමුත් ඊට වඩා වෙනසක් මේ රටේ කරන්නට, විශේෂයෙන්ම මේ කෘෂි කර්මාන්තය ගැන. මම ආපු දවසේ ඉඳලා පොහොර නොමිලේ දුන්නා. නොමිලේ දුන්නේ ඇත්තටම ගොවියාගේ ජීවන තත්ත්වය වැඩි කරන්න. වී වල සහතික මිල අපි වැඩි කළා. “

සියයට සියයක් කාබනික පොහොර නිපදවා එමගින් සාර්ථකව එළවළු හා පළතුරු වගාවක් සිදුකරන මෙම ගොවිපොළ පිළිබඳව ‘අද දෙරණ’ 6.55 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් ඊයේ (22) තොරතුරු වාර්තා කර තිබුණි.

එම පුවත ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේද අවධානයට යොමුවී තිබූ අතර ඒ අනුව ජනාධිපතිවරයා අද (23) පෙරවරුවේ එම ගොවිපොළ නිරීක්ෂණය සඳහා උඩුබැද්දාව බුන්නැහැපොළට පැමිණියේය.

එම අවස්ථාවට කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඇතුළු පිරිසක්ද එක්වී තිබුණි.

කුලියාපිටිය උඩුබැද්දාව බුන්නැහැපොළ අක්කර 16ක් පුරා පිහිටි මෙම සාරවත් ගොවිපොළ පවත්වාගෙන යන්නේ සියයට සියයක් කාබනික පොහොර යොදා ගනිමිනි.

නරක් වූ පළතුරු සහ එළවළු යොදාගෙන ඒ මත ගැඬවිලි පණුවන් වර්ධනයවීමට සලස්වා තමන්ට අවශ්‍ය පොහොර නිපදවා ගැනීමට ඔවුන් කටයුතු කරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
46
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කුකුළු අපද්‍රව්‍ය මහවැලි ගඟට මුදාහැරපු ඩබලක් පොලිසියට කොටුවෙයි
00:54
Video thumbnail
වාද්දුවේ දුන්න ෆ්‍රයිඩ් රයිස්, ආප්ප, කොත්තු දන්සල..මහ සෙනඟක් දන්සලට එන හැටි
01:59
Video thumbnail
මල්ල පිරෙන්න එළවළු දුන්න බණ්ඩාරවෙල සුපිරි දන්සල
01:10
Video thumbnail
හිත පිරෙන්න, මල්ල පිරෙන්න එළවළු දුන්න බණ්ඩාරවෙල සුපිරි දන්සල..මිනිස්සු දිගු පෝළිම්වල
02:04
Video thumbnail
අලව්වට ආ නාමල්ට මිනිස්සුන්ගෙන් ලැබුණ ආදරය - නාමල් දැක්ක ගමන් මිනිස්සු වදියි
01:12
Video thumbnail
88 අමතක කරලා..අනේ රණවිරුවත් පිළිගන්න - පොලිසිය, හමුදාව එක්ක ආණ්ඩුවට ලොකු ඇරියස් එකක් තියෙනවා
03:01
Video thumbnail
කළුතරම සලිත කරමින් හමුවූ නාඳුනන නිසල සිරුර
00:26
Video thumbnail
මඩකලපුව නගරයේ බැංකුවක හදිසියේම හටගත් විශාල ගින්න
01:32
Video thumbnail
මඩකලපුව නගරයේ බැංකුවක හදිසියේම හටගත් විශාල ගින්න..විදුලි කාන්දුවක් නිසා වෙච්ච විනාශයක්
02:14
Video thumbnail
කළුතරම සලිත කරමින් හමුවූ සිරුර..සිරුර පුරාම සීරීම් සහ තුවාල දක්නට ලැබේ
00:49