spot_imgspot_img
spot_img

චෝදනා ඔප්පු වුනොත් මන්ත්‍රීකමෙන් ඉල්ලා අස්වෙනවා

තමන්ට එල්ල වී ඇති චෝදනාවලට වරදකරු වුවහොත් තමන් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමට සූදානම් බව මහාචාර්ය රංජිත් බණ්ඩාර පවසනවා.

පාර්ලිමේන්තුවේ දී අද (20) දිනයේ අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කර සිටියා.

මෙලෙස තමන්ට එල්ලකර ඇති චෝදනා ඔප්පු කිරීමට නොහැකිවුවහොත්, තම වරප්‍රසාද උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් එම චෝදනා එල්ලකරන පුද්ගලයින් දණ්ඩනයට ලක්විය යුතු බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.

සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ විසින් පසුගිය දා පාර්ලිමේන්තුවේ දී සිදුකළ චෝදනාව සම්බන්ධව පිළිතුරු ලබාදෙමින් මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මේ බව සඳහන් කර සිටියා.

කෝප් කමිටුවේ සභාපතිවරයෙකු විසින් පාර්ලිමේන්තුවේ කාර්යයේ නිරත ලේකම්වරියකට ලිංගික හිරිහැර කිරීමක් සිදුකර ඇති බවට පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ පසුගිය දා පාර්ලිමේන්තුවේ දී සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
7
+1
0
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?