චීන නැව් කන්ටේනර් මාෆියාවට එරෙහිව ඇමෙරිකාවෙන් නීතිමය පියවර

ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ෂී ජිං පින් රාජ්‍ය නායකයන් අතර පැවැති ඉහළ පෙළේ සාකච්ඡාවලින් (Trump-Xi Summit) සතියකට පසුව, ගෝලීය වෙළෙඳපොළ හෙල්ලූ චීන නැව් කන්ටේනර් මාෆියාවකට (Cartel) එරෙහිව ඇමෙරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව (DOJ) සහ FBI ආයතනය විසින් ඓතිහාසික නඩු පැවරීමක් සිදු කර තිබෙනවා.

මෙහිදී චීන විධායක නිලධාරීන් හත් දෙනෙකුට සහ ලොව විශාලතම චීන කන්ටේනර් නිෂ්පාදන සමාගම් හතරකට එරෙහිව ඇමෙරිකාව චෝදනා එල්ල කර ඇති බවයි විඑස් මාධ්‍ය වාර්තාකර ඇත්තේ.

ලෝකයේ සම්මත වියළි නැව් කන්ටේනර් (Standard Shipping Containers) වෙළෙඳපොළෙන් 95% ක අතිවිශාල පංගුවක් පාලනය කරනු ලබන්නේ මෙම සමාගම විසින්.

කොවිඩ්-19 වසංගත සමයේදී කෘත්‍රිම ලෙස සැපයුම සීමා කරමින්, කන්ටේනර් මිල ගණන් අසාධාරණ ලෙස ඉහළ නැංවීමට (Price-fixing) රහසිගතව කුමන්ත්‍රණය කළ බවට මොවුන්ට චෝදනා එල්ල වනවා.

මෙම නීතිවිරෝධී ක්‍රියාවලිය හේතුවෙන් ගෝලීය සැපයුම් දාමයට දැඩි බලපෑම් එල්ල වූ අතර, ඇමෙරිකානු කුඩා ව්‍යාපාරිකයන් සහ පාරිභෝගිකයන්ගෙන් ඩොලර් බිලියන ගණනක අයුතු ලාභයක් උපයා ගැනීමට මොවුන් කටයුතු කර තිබෙනවා.

මේ හරහා එක් චීන සමාගමක ලාභය ඩොලර් මිලියන 20 සිට ඩොලර් බිලියන 1.75 දක්වා සිය ගුණයකින් ඉහළ ගොස් ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන්.

“ඔපරේෂන් මිඩ්නයිට් ඉන් පැරිස්” (Operation Midnight in Paris) නමින් හැඳින්වෙන ජාත්‍යන්තර මෙහෙයුමක් හරහා මෙහි ප්‍රධාන සැකකරුවෙකු ප්‍රංශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ චීන සංචාරයෙන් පසුව, වෙළෙඳ සබඳතාවල විශාල ප්‍රගතියක් නැති පසුබිමක මෙම නීතිමය පියවර හෙළිදරව් කිරීම දෙරට අතර පවතින භූ-දේශපාලනික සහ වෙළෙඳ ආතතිය තවදුරටත් තීව්‍ර කිරීමට හේතු වී ඇති බවයි සඳහන්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.04
01:12:25
Video thumbnail
අවු:16ට වැඩි හැමෝගෙම පෞද්ගලික තොරතුරු ඉන්දියාවට ගන්න පුළුවන් - ප්‍රබල හෙළිදරව්වක්
06:32
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් අධිකරණ අමාත්‍යාංශයට අදාළව 2027 පූර්ව අයවැය සාකච්ඡාව
01:22
Video thumbnail
බුදු අම්මෝ රනිල්ට හීරේට යනකොට තිබ්බ ලෙඩගොඩ - මෙතෙක් හිරගෙවල්වට ගියේ පුංචි මිනිස්සු
05:26
Video thumbnail
ආණ්ඩුව යටින් ලොකු ගේමක් ග#න්න හදන්නේ - අපි මේකට කැමති නෑ
03:05
Video thumbnail
දැන් ගොවියෝ තියෙන මිල ඇති කියනවා..ගොවියොත් එක මතේක නෑනේ
07:41
Video thumbnail
කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමට
01:23
Video thumbnail
ගමේ ඉපදිච්ච එවුන්ට ගඟට එන්න අවසර නෑ
01:23
Video thumbnail
පොලිසියට අල්ලස් දෙන්න ගිය තරුණයාට වැඩ වැරදුණු හැටි
00:49
Video thumbnail
උත්තරීතර පාර්ලිමේන්තු ආසනයේ ඉදගෙන නි ඇමති දැම්ම සෙල්ලම
00:33