චීනයේ සිට ශ්‍රී ලංකාව හරහා ඉන්දියාවට ගිය මවට සහ දුවට කොවිඩ්

චීනයේ සිට ශ්‍රී ලංකාව හරහා මදුරෙයි වෙත පැමිණි හය හැවිරිදි දැරියකට සහ ඇගේ මවට කොවිඩ් 19 ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා පවසනවා.

සෞඛ්‍ය බලධාරීන් විසින් ඔවුන් දෙදෙනාම නිරෝධනයට ලක්කර ඇති අතර, ඔවුන්ගේ COVID-19 සාම්පල වැඩිදුර පරීක්ෂණ සඳහා රසායනාගාරයට යොමුකර ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

චීනයේ සහ අනෙකුත් විදේශ රටවල COVID-19 රෝගීන්ගේ වැඩිවීම මධ්‍යයේ, ඉන්දීය රජය රට තුළ හදිසි තත්වයක් වළක්වා ගැනීම සඳහා පූර්වාරක්ෂාව ක්‍රම අනුගමනය කිරීම ආරම්භ කර තිබෙනවා.

අඟහරුවාදා, ඉන්දියාව පුරා COVID-රෝහල් උපකරණ, ක්‍රියා පටිපාටිය සහ සෞඛ්‍ය සේවකයන් ද යොදා ගනිමින් රෝහල්වල සූදානම පරීක්ෂා කිරීම සඳහ අභ්‍යාස සිදු කළ බවයි ඉන්දීය මාධ්‍ය ප්‍රකාශ කළේ.

සෞඛ්‍ය අමාත්‍ය Mansukh Mandaviya පැවසුවේ, රට තුළ කොවිඩ් වැඩිවීමක් ඇති නොවන බවට වග බලා ගැනීම සඳහා, සැලකිලිමත් වන ලෙසට අගමැති නරේන්ද්‍ර මෝදි තමන්ගෙන් ඉල්ලා සිටි බවයි.

කෙසේවෙතත් කොවිඩ් ආසාදිතයන් වැඩි වුවහොත් රජය ද ඊට සූදානම් වෙමින් සිටින බවයි ඔහු ප්‍රකාශ කළේ.

මේ අතර, චීනය සිය ගුවන් තොටුපළ සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කරමින් ලබන ජනවාරි 8 වනදා සිට වසර තුනක් පැරණි COVID සංචාරක සීමාවන් ඉවත් කිරීමට සැලසුම් කර තිබෙනවා.

රට තුළ දැවැන්ත COVID-19 ව්‍යාප්තියක් මධ්‍යයේ මෙම තීරණය ගෙන තිබීම සැලකිය යුතු කරුණක්.

මේ අතර ඉන්දීය බලධාරීන් ජනතාවට ප්‍රකාශ කර ඇත්තේ වර්තමාන කොවිඩ් වැඩිවීම මගින් ඉන්දියාවට බලපෑමක් ඇති කිරීම නොහැකි වුවද ප්‍රවේශම් වී සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව කටයුතු කරන ලෙසටයි.

අසල්වැසි චීනයේ ආසාදිතයන් හමුවීම ඉහළ යාමෙන් පසු ඉන්දියාව නිරීක්ෂණ කටයුතු වේගවත් කර තිබෙනවා.

චීනයෙන් සහ තවත් ආසියානු රටවල් හතරකින් සංචාරය කරන පුද්ගලයින්ට ඉන්දියාවට ඇතුළු වීමට පෙර Covid-19 නොමැති බවට පරීක්ෂණ වාර්තාවක් ඉදිරිපත් කළ යුතුයි.

ඉන්දීය රජයේ දත්තවලට අනුව, ඉන්දියාවේ දැනට සිටින්නේ සක්‍රීය කොරෝනා වෛරස් රෝගීන් 3,400 ක් පමණයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාවහන් එකලස් කිරීමේ මධ්‍යස්ථානයක් වටලයි - චීනෙන් ගෙනල්ලා වගේ රවටලා
04:20
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.11
08:07:02
Video thumbnail
දිවුලපිටියේ වේගවත් සංවර්ධනය ගැන මාලිමා සභාපති හෙළිකරයි - ජාවාරම්කාරයන් බහුල වුණ ප්‍රදේශයක් තිබුණේ
03:56
Video thumbnail
දළඳා වහන්සේ තැන්පත් කිරීමට ලැබුණ ස්වර්ණමය කරඬුව ගැන විශේෂ ප්‍රකාශයක්
01:36
Video thumbnail
අර්චුනා ආණ්ඩුවට දැම්ම සැර හින්ට් එක ? අඩිය ගහන්නෙත් නෑ අපි එක්ක බොන්න එන්නෙත් නෑ
00:42
Video thumbnail
සජබය හොයාගෙන ආ ප්‍රබලයින් - 22කට එරෙහිව ලොකු වැඩක් කරන්න යන්නේ
01:05
Video thumbnail
අපි 23 වෙනිදා කොළඹට ලක්ෂයක් ගේනවා..මෛත්‍රී ගුණරත්න කියයි
02:33
Video thumbnail
ලංකාවේ රජ කළ පාතාලය වෙන රටවලට දිව්වේ අපේ ආණ්ඩු කාලයේ - හැම රජයක්ම පාතාල කල්ලි කුදලන් ආවා
02:58
Video thumbnail
ජනාධිපති රට වටේ ගිහින් පරණ බොරු පම්පෝරි නැවත කියනවා - රටට ආදරය කරන ජනතාව හෙට එන්න
04:47
Video thumbnail
2016 බොරතෙල් ආනයනයේදී දැවැන්ත දූ#ණයක් වෙලා..දයාසිරි කට අරියි
05:44