චීනයට එරෙහිව යුරෝපා පාර්ලිමේන්තුව සම්මත කළ යෝජනාව

චීන ආණ්ඩුව උයිගුර්වරුන්ට හිංසා කිරීම හෙළා දකිමින් සහ උයිගර් ආර්ථික විද්‍යාඥ ඉල්හාම් ටොති සහ ගුල්ෂාන් අබ්බාස් ඇතුළු රැඳවියන් වහාම සහ කොන්දේසි විරහිතව නිදහස් කරන ලෙස චීනයෙන් ඉල්ලා සිටිමින් යුරෝපීය පාර්ලිමේන්තුව හදිසි යෝජනාවක් අතිමහත් බහුතරයකින් සම්මත කළා.

යෝජනාවට පක්ෂව ඡන්ද 540ක් ලැබී තිබුණු අතර විරුද්ධව ලැබුණේ ඡන්ද 23ක් පමණයි.

47 දෙනෙක් ඡන්දය දීමෙන් වැළකී සිටියා.

සම්මත වූ යෝජනාව මගින්, දැඩි සෝදිසි කිරීම්, බලහත්කාරයෙන් ශ්‍රමය ලබා ගැනීම, වන්ධ්‍යාකරණය, උපත් වැළැක්වීමේ පියවරයන් දැඩි ලෙස හෙළ දැක තිබෙන්නේ එය ජන සංහාර අවදානමක් ලෙස සලකමින්.

යුරෝපීය පාර්ලිමේන්තු යෝජනාවට ඇතුළත් ඉල්හාම් ටොහ්ටි 2014 දී “බෙදුම්වාදය” සම්බන්ධයෙන් ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම වී සිටින අතර 62 හැවිරිදි විශ්‍රාමික වෛද්‍යවරයකු වන ගුල්ෂාන් අබ්බාස්ට ත්‍රස්තවාදයට සම්බන්ධ චෝදනා මත වසර 20ක සිර දඬුවම් නියම වී තිබෙනවා.

අබ්බාස්ගේ සහෝදරිය වන රුෂාන් අබ්බාස් එක්සත් ජනපදයේ උයිගර් මානව හිමිකම් ක්‍රියාකාරිනියක්.

මානව හිමිකම් ආරක්ෂා කිරීමට ගත් උත්සාහයන් වෙනුවෙන් ඉල්හාම් ටොහ්ටි හට 2019 දී, යුරෝපීය පාර්ලිමේන්තුව චින්තන නිදහස සඳහා වූ Sakharov ත්‍යාගය ද පිරිනැමුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්