චීනයට එරෙහිව යුරෝපා පාර්ලිමේන්තුව සම්මත කළ යෝජනාව

චීන ආණ්ඩුව උයිගුර්වරුන්ට හිංසා කිරීම හෙළා දකිමින් සහ උයිගර් ආර්ථික විද්‍යාඥ ඉල්හාම් ටොති සහ ගුල්ෂාන් අබ්බාස් ඇතුළු රැඳවියන් වහාම සහ කොන්දේසි විරහිතව නිදහස් කරන ලෙස චීනයෙන් ඉල්ලා සිටිමින් යුරෝපීය පාර්ලිමේන්තුව හදිසි යෝජනාවක් අතිමහත් බහුතරයකින් සම්මත කළා.

යෝජනාවට පක්ෂව ඡන්ද 540ක් ලැබී තිබුණු අතර විරුද්ධව ලැබුණේ ඡන්ද 23ක් පමණයි.

47 දෙනෙක් ඡන්දය දීමෙන් වැළකී සිටියා.

සම්මත වූ යෝජනාව මගින්, දැඩි සෝදිසි කිරීම්, බලහත්කාරයෙන් ශ්‍රමය ලබා ගැනීම, වන්ධ්‍යාකරණය, උපත් වැළැක්වීමේ පියවරයන් දැඩි ලෙස හෙළ දැක තිබෙන්නේ එය ජන සංහාර අවදානමක් ලෙස සලකමින්.

යුරෝපීය පාර්ලිමේන්තු යෝජනාවට ඇතුළත් ඉල්හාම් ටොහ්ටි 2014 දී “බෙදුම්වාදය” සම්බන්ධයෙන් ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම වී සිටින අතර 62 හැවිරිදි විශ්‍රාමික වෛද්‍යවරයකු වන ගුල්ෂාන් අබ්බාස්ට ත්‍රස්තවාදයට සම්බන්ධ චෝදනා මත වසර 20ක සිර දඬුවම් නියම වී තිබෙනවා.

අබ්බාස්ගේ සහෝදරිය වන රුෂාන් අබ්බාස් එක්සත් ජනපදයේ උයිගර් මානව හිමිකම් ක්‍රියාකාරිනියක්.

මානව හිමිකම් ආරක්ෂා කිරීමට ගත් උත්සාහයන් වෙනුවෙන් ඉල්හාම් ටොහ්ටි හට 2019 දී, යුරෝපීය පාර්ලිමේන්තුව චින්තන නිදහස සඳහා වූ Sakharov ත්‍යාගය ද පිරිනැමුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
00:00
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
00:00
Video thumbnail
වෙ# තියලා මැ#වත් අපි බය නෑ - මාරසිංහ ගාව හිටිය පොඩි කොල්ලා මම - වාරුව ගන්න අවු:40ක් බලාගෙන හිටියා
03:48
Video thumbnail
නාමල්ව ජනාධිපති කරලා මිසක් අපි පස්සට යන්නේ නෑ
02:34
Video thumbnail
පොහොට්ටු රැළියේ සෙනඟ වැඩි නිසා කණුවක් උඩට නැග්ග තරුණයෝ
00:32
Video thumbnail
පොහොට්ටුවේ අනුරපුරේ බලය පෙන්නද්දී මාලිමාව පොළොන්නරුවේ වැඩ පෙන්නයි
01:34
Video thumbnail
අර්චුනාත් පොහොට්ටුවේ වේදිකාවට ගොඩවෙයි
02:48
Video thumbnail
අපි මොන සෙල්ලම් දැම්මත් ඔබේ හයිය නැත්තම් අපිටත් හයිය නෑ - පොහොට්ටුවේ පළමු වෙ# මුරය මේක
03:13
Video thumbnail
අනුර කුමාර ඇවිල්ලා බලපන් - උඹේ පචවලට උත්තර දෙන්න අපි සූදානම්
01:21
Video thumbnail
නාමල්ව ජනාධිපති කරලා තමයි අපි නවතින්නේ
01:38