Empty Ad
AFC Banner
Empty Ad

චැම්පියන්ස් කුසලානයේ ශූරයින් වෙනුවෙන් පිරිනැමෙන විශාල මුදල් මල්ල මෙන්න

එළඹෙන 2025 චැම්පියන්ස් කුසලානය ක්‍රිකට් තරගාවලියේ ජයග්‍රාහකයින්ට ඇමරිකානු ඩොලර් මිලියන 2.24 ක ත්‍යාග මුදලක් පිරිනැමීමට නියමිත බව ක්‍රීඩා මාධ්‍ය වාර්තා කරනවා.

අනුශූරයන්ට ඩොලර් මිලියන 1.12ක මුදලක් හිමිවන අතර, අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබන කණ්ඩායම් සඳහා ඩොලර් 560,000 බැගින් ප්‍රදානය කෙරෙනවා.

එමෙන්ම පස්වන සහ හයවන ස්ථාන ලබාගන්නා කණ්ඩායම් සඳහා ඩොලර් 350,000ක් බැගින් හිමිවන අතර, හත්වන සහ අටවන ස්ථාන ලබා ගන්නා කණ්ඩායම් සඳහා ඩොලර් 140,000 බැගින් පිරි නැමීමට නියමිතයි.

ඒ, අනුව ඩොලර් මිලියන 6.9ක මුදලක් ත්‍යාග වශයෙන් මෙවර චැම්පියන්ස් කුසලානයේ දී පිරිනැමෙනු ඇති.

ඊට අමතරව, 2025 අයි.සී.සී. චැම්පියන්ස් කුසලානයට තරඟ කිරීම වෙනුවන් කණ්ඩායම් අටටම ඩොලර් 125,000 බැගින් ලබාදෙන බවයි අයි.සී.සී. සඳහන් කරන්නේ.

අයි.සී.සී. සභාපති ජේ ෂා පැවසුවේ, ක්‍රීඩාව සඳහා ආයෝජනය කිරීමට සහ අයි.සී.සී ඉසව්වල ගෝලීය කීර්තිය පවත්වා ගැනීමට මෙම සැලකිය යුතු ත්‍යාග මුදල් ප්‍රදානය කරන බවයි.

තරඟාවලිය පෙබරවාරි 19 වන දින කරච්චි හිදී ආරම්භ වන අතර, ඒ සඳහා කණ්ඩායම් 08ක් තරග වදිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?