චන්දික හතුරුසිංහ BPL තරගාවලිය පට්ට ගසයි

බංගලාදේශ ප්‍රිමියර් ලීග් තරඟාවලිය සර්කස් එකකට සමාන බව බංග්ලාදේශ ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ පවසනවා.

බී.පී.එල්. තරගාවලිය නරඹන ඇතැම් අවස්ථාවල දී තමන් රූපවාහිනිය ක්‍රියා විරහිත කරන බව ද හතුරුසිංහ වැඩිදුරටත් සඳහන් කරනවා.

ක්‍රීක්ඉන්ෆෝ වෙබ් අඩවිය වෙත අදහස් දක්වමින් හතුරුසිංහ මෙම අදහස් දක්වා තිබෙනවා.

මේ අතර බංග්ලාදේශ ජාතික කණ්ඩායමට අවශ්‍ය භූමිකාවන් කරා ක්‍රීඩකයින්ට වර්ධනය වීමට උපකාර කිරීම සඳහා බී.පී.එල්. වලට පෙර තවත් තරඟාවලියක් පැවැත්වීමට හතුරුසිංහ යෝජනා කරනවා.

බංග්ලාදේශයේ ෆ්‍රැන්චයිස් තරඟාවලිය 2012 සිට ක්‍රියාත්මක වන අතර, මෙම තරගාවලිය මුදල් ගැවසෙන ඉන්දීය ප්‍රිමියර් ලීගයට පිටුපස ඇති දෙවන හොඳම ෆ්‍රැන්චයිස් ලීගය ලෙස කලක් හඳුන්වනු ලැබුවා.

කෙසේ වෙතත් වසර ගණනාවක් පුරා ඇති වූ ගැටළු රාශියක් හේතුවෙන් ඕස්ට්‍රේලියාවේ බිග් බෑෂ්, පකිස්ථාන සුපර් ලීග් සහ කැරිබියන් වැනි අනෙකුත් ලීගවලට වඩා පසුපසට වැටී තිබෙනවා.

“දැන් පවතින ක්‍රමය ගැන මට ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මැදිහත් විය යුතුයි. අපේ පාලක මණ්ඩලය අපි ගැන යමක් කළ යුතුයි. යම් නීතිරීති තිබිය යුතුයි. ක්‍රීඩකයෙක් එක් තරඟාවලියක් ක්‍රීඩා කර තවත් තරඟාවලියක් ක්‍රීඩා කරනවා. හරියට සර්කස් එකක් වගේ, ක්‍රීඩකයන් අවස්ථා ගැන කතා කරනවා, නමුත් එය නිවැරදි නෑ, මිනිසුන්ගේ උනන්දුව නැති වී යනවා, මටත් උනන්දුව නැති වී ගිහින්.” යනුවෙන් චන්දික හතුරුසිංහ වැඩිදුරටත් සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක්ට රු.54000ක් ගෙවීම කිසිසේත් සාධාරණ නෑ - මට මිනිස්සු ග#යි අවුලක් නෑ
07:09
Video thumbnail
රවී - චතුරංග CoPF එකේ ගැටෙයි ? මෙහෙම රටක් ගෙනියන්න බෑනේ - බංකොළොත් වුණේ බදු එකතු කරපු නැති හින්දා
22:50
Video thumbnail
පාඩු ලබන සහ අනවශ්‍ය රජයේ ආයතන වසා දැමීම ගැන හර්ෂ කට අරියි - අනවශ්‍ය ආයතන අයින් කරලා දාන්න
09:00
Video thumbnail
කොට කලිසමත් ගහගෙන මහසෙන් ඇතා හමුවූ සජිත්
00:45
Video thumbnail
බැකෝ සමන්ගේ මවට වෙ# තැබීමට වෙ#ක්කරුවන් පැමිණි හැටි
00:59
Video thumbnail
කල්ඉකුත් වූ ද්‍රව්‍යය භාවිතා කළ දෙහිවල සැලෝන් එකක් වටලයි
01:23
Video thumbnail
කොට කලිසමත් ගහගෙන මහසෙන් ඇතා හමුවූ සජිත් - කොහොමද ගැම්මට පොටෝ ගහන හැටි
01:08
Video thumbnail
මෙයාලගේ ගජ මිතුරෝ රජයට බදු ගෙවලා නෑ - ජන අරගල ව්‍යාපාරය මහ පාරට බැහැලා දෙවනත් කරයි
07:20
Video thumbnail
බැකෝ සමන්ගේ මව එළොව යැවූ වෙ#ල්ල - වෙ#ක්කරුවන් පැමිණි හැටි - CCTV කැමරාවේ සටහන් වූ අයුරු
01:22
Video thumbnail
ජනපති හමුවූ නීතිඥයින්ට අපිලගේ සාදු දෙසයි - ජනපතිගේ ගැටේට නීතිඥ සංගමය අහුවුණා
04:00