පාකිස්තානයේ සියල්කොට්හිදී පහර දී ඝාතනය කරනු ලැබූ ප්‍රියන්ත කුමාර දියවඩන මහතාගේ බිරිය හට පාකිස්තානයේ ව්‍යාපාරික ප්‍රජාව විසින් ඩොලර් ලක්ෂයක මුදලක් ලබා දීමට පියවර ගෙන තිබෙනවා.
එමෙන්ම අදාළ සමාගම විසින් වසර 10ක කාලයක් සදහා වැටුප ලබා දීමට පොරොන්දු වූ අතර එහි පළමුවන්න ලෙස ඩොලර් 1667ක මුදලක් ඇගේ ගිණුමට බැර කොට ඇති බව වාර්තා වෙනවා.
අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා ට්විටර් පණිවඩුයක් තබමින් මේ බව සනාථ කර තිබුණා. ප්‍රියන්ත කුමාර දියවඩන මහතාගේ බිරිඳගේ ගිණුමට ඇමරිකානු ඩොලර් 100,000ක් ලබා දීමට පියවර ගැනීම සම්බන්ධයෙන් පකිස්තානු ව්‍යාපාරික ප්‍රජාවටත් වසර 10ක් සඳහා මාසිකව ඔහුගේ වැටුප ලබා දීම සම්බන්දයෙන් රාජ්කෝ සමාගමටත් පකිස්ථාන අග්‍රාමාත්‍යවරයා ප්‍රසාදය පළ කරන බව එම ට්විටර් පණිවුඩයේ සඳහන් වෙනවා.














mudal walin thaththawa miladee gatha noheka aduma gane pawle ayata jeewath weemata mudalak labeema yahapathak