Fly high Get bonus Aviator Phone

ඝාතනය වූ කුලියාපිටිය තරුණයාගේ පෙම්වතිය පොලිස් අත්අඩංගුවට (වීඩියෝ)

පසුගිය අප්‍රේල් 22 වනදා කුලියාපිටිය, ඉලුක්හේන ප්‍රදේශයේ පදිංචිව සිටි සිඋසිත් ජයවංශ නැමැති තරුණයා පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව එම තරුණයාගේ පෙම්වතිය යැයි කියනු ලබන තරුණියව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාළ තරුණියට කුලියාපිටිය පොලිසිය වෙත ඊයේ (12) දිනයේ කැඳවා සිදුකරන ලද ප්‍රශ්න කිරීම්වලින් පසුව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

මනුෂ්‍ය ඝාතනයට ආධාර අනුබලදීම, මනුෂ්‍ය ඝාතනය සිදුකර අපරාධය වසන් කිරීම යන චෝදනා යටතේ 18 හැවිරිදි අදාළ තරුණිය අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කළේ.

සැකකාර තරුණිය සුසිත් ජයවංශ නැමැති තරුණයා අතින් ගැබ් ගෙන ඇති බවත් පසුව ඔහුගේ මැදිහත් වීමෙන් දරු ගැබ ගබ්සා කර ඇති බවත් පොලිසියට කරුණු අනාවරණ වී තිබෙනවා.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අවසන් නිගමනයකට එළැඹිය හැකි වන්නේ සැකකාර තරුණිය වෛද්‍ය පරීක්ෂණයකට යොමු කිරීමෙන් අනතුරුව බවයි පොලිසිය පවසන්නේ.

ඝාතනයට ලක් වූ 31 හැවිරිදි සුසිත් ජය­වංශ නැමැති තරුණයාගේ මළ සිරුර පසු­ගිය 07 වනදා මාදම්පේ, පනි­රෙ­න්ඩාව රක්ෂිතයේ තිබී පොලිසිය විසින් සොයා ගත්තේ ඔහු අතුරුදන් වී දින 15 කට පසුවයි.

මේ අතර මෙම සිද්ධියට අදාළව මේ වනවිට සැකකරුවන් 09 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බවයි කුලියාපිටිය පොලිසිය සඳහන් කළේ.

ඊයේ අත්අඩංගුවට ගැනුණු සැකකාර පෙම්වතිය අද (13) දිනයේ කුලියාපිටිය මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බව එම පොලිසියේ උසස් නිලධාරියෙක් අප සමඟ පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
3
+1
5
+1
2
+1
3
+1
2
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු හමුදාපති රටම කැළඹු සිද්ධියට අත මිට මොලවා සැරටම කියපු කතාව
08:22
Video thumbnail
රණවිරුවා කියන්න බැරි ආණ්ඩුව මේක අහන්නම ඕනේ කතාවක්
02:46
Video thumbnail
අපේ සැලැස්මට තමයි යුද්ධය ඉදිරියට යන්නේ - මෙන්න හිටපු යුධ හමුදාපති හෙළිකරන දේ
04:37
Video thumbnail
යුද ජය සමරන්න ඕනේ නෑ කියපු අයට හිටපු හමුදාපති හොඳවයින් අමතයි
02:56
Video thumbnail
PRAHARAYA | හිටපු යුද හමුදාපති ජෙනරාල් මහේෂ් සේනානායක සහභාගීවන ප්‍රහාරය දේශපාලන වැඩසටහන සජීවීව
01:11:50
Video thumbnail
දේශපාලඥයාගේ කැමැත්තමතයි හැමදේම වුණේ - මහේෂ් සේනානායක හෙළිකළ යුද්ධ මෙහෙයුම
03:36
Video thumbnail
මේක අපේ සිංහලයාගේ භූමිය - කස්සප හිමි අනුරට සැරට දෙසයි
07:03
Video thumbnail
ජනපතිත් Silent වෙන්නම විමල්ගෙන් සැර සද්දයක්
25:04
Video thumbnail
ජනාධිපතිතුමා ඔය කතාව කරන්න තිබුනේ ත්‍ර#තවාදීන් ඉදිරියේ
04:42
Video thumbnail
"අපි ආවා යුතුකම් ඉටු කරන්න"
02:32

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

?