ඝාතනයකට හමුදාවේ තවත් 5ක් අත්අඩංගුවට

තොටළඟ අරුණ එල්ලේ කණ්ඩායමේ නායක අකිල සම්පත් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් යුද හමුදා ගැමුණු හේවා බලකායේ මෝදර කදවුරට අනුයුක්ත තවත් හමුදා සාමාජිකයින් 5 දෙනෙකු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අනුව මෙම සිද්ධියට මේ දක්වා මියගිය පුද්ගලයාගේ බිරිඳ සහ යුද හමුදා සාමාජිකයින් 10 දෙනෙකු පොලිස් භාරයට ගෙන ඇති අතර, ඝාතනයට අනුබල දුන් බව කියන අදාළ හමුදා කදවුරේ අණ දෙන නිලධාරියා ද අත්අඩංගුවට ගැනීමට විමර්ශන සිදු කරන බවයි පොලිසිය සදහන් කළේ.

පසුගිය අගෝස්තු මස 20 වැනි දා මෝදර කාකදූපතට නාදුනන මළ සිරුරක් ගොඩ ගසා තිබූ අතර, ඝාතනයට ලක් වූ ක්‍රීඩකයාගේ බිරිඳ වන මට්ටක්කුලිය – සමිට් පුර ග්‍රාම නිලධාරිනිය ද ඒ වෙනවිට තම ස්වාමි පුරුෂයා අතුරුදන් ව ඇති බවට පොලිසියට පැමිණිලි කර තිබුණා.

පසු ව අනාවරණ වුණේ, හමු වූ මළ සිරුර මෙම කාන්තාවගේ සැමියා වෙන තොටළඟ – අරුණ එල්ලේ ක්‍රීඩා කණ්ඩායමේ නායක අකිල සම්පත්ගේ බවට යි.

ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ – උතුර කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය සහ කොළඹ – උතුර පොලිස් විශේෂ කාර්යාංශ ඒකකය විමර්ශනයක් ආරම්භ කළා.

පසුව හෙළි වුණේ මියගිය එල්ලේ ක්‍රීඩකයාගේ බිරිඳ ගැමුණු හේවා බලකායේ මෝදර කඳවුරට අනුයුක්ත බුද්ධි නිලධාරියෙකු වෙන කෝප්‍රල්වරයෙකු සමඟ අනියම් සබදතාවක් පවත්වා ඇති බවයි.

ඒ අනුව අදාළ කාන්තාව මුලින් අත්අඩංගුවට ගැනුණු අතර එහි දී ඇය විසින්, අදාළ බුද්ධි නිලධාරියා ඇතුළු හමුදා සාමාජිකයින් පිරිසක් විසින් තම සැමියා ඝාතනය කළ බවට පාපොච්චාරණය කර තිබෙනවා.

පසුගිය අගෝස්තු මස 16 වැනි දා යුද හමුදා රථයකින් මෙලෙස පැහැර ගැනුණු මිය ගිය එල්ලේ ක්‍රීඩකයාගේ සිරුර කළු ගල් පිර වූ බෑගයක ගැට ගසා මෙම හමුදා සාමාජිකයින් පෑලියගොඩ – කළු පාලමෙන් කැලණි ගඟට දමා තිබෙනවා.

ඝාතනයට පෙර කාන්තාව සමඟ අනියම් සබදතා පැවැත් වූ යුද හමුදා බුද්ධි නිලධාරියා ඔහු සේවය කරන හමුදා කදවුරේ අණ දෙන නිලධාරියා දැනුවත් කර ඇත්තේ, මත්කුඩු ජාවාරම්කරුවෙකු හමුදා නිලධාරීන් පිරිසක් ඝාතනය කිරීමට සූදානමින් සිටින බවට යි.

ඒ අනුව ඔහු ව ඝාතනය කිරීමට එම කදවුරේ අණ දෙන නිලධාරියා ද අනුබල දී ඇති බවට බුද්ධි නිලධාරියා අත්අඩංගුවට ගැනීමෙන් අනතුරු ව සිදු කළ ප්‍රශ්න කිරීම්වල දී හෙළි වුණා. කෙසේ වෙතත්, කොළඹ – උතුර කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකයේ උසස් නිලධාරියෙකු කියා සිටියේ, සිද්ධිය සම්බන්ධයෙන් තවත් හමුදා නිලධාරින් පිරිසක් අත්අඩංගුවට ගැනීමට විමර්ශන සිදු කරන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි හොල්ලන්න හිතන්නවත් දෙන්නේ නෑ..විපක්ෂයට පෙරළන්නද අපි ආණ්ඩු හැදුවේ
05:46
Video thumbnail
ජනපති රැළියේ කිව්ව කතාවට රාජිතට යකා නගියි..මේවට තමයි Banana Republics කියන්නේ
09:44
Video thumbnail
යුවළකට සත්තම දාපු ඇල්දෙනියේ හෙල්මට් දෝණි
00:46
Video thumbnail
දිලිත් ඇවිත් මැයි රැළිය ගැන ගැම්මට කිව්ව කතාව..අපි පැය 24ක කාලයකදී මැයි රැළිය සංවිධානය කළේ..
02:32
Video thumbnail
මේ බස් දෙක රේස් ආවා..කැලේට ඇල්ලුවේ නැත්තම් මගේ දරු පැටව් දෙන්නා නෑ
01:31
Video thumbnail
ගෑස් නිධි අපේ සයුරු සම්පතේ තියෙද්දි ඇයි රට ශක්තිමත් නොකරන්නේ..විරුද්ධ වෙන කට්ටියක් ඉන්නවා
06:28
Video thumbnail
විමල්ගෙන් රංග ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්..දෙන්න තියෙන උපරිම මානසික පීඩනයක් දීලා..?
05:23
Video thumbnail
කුලී රථයක ඇවිත් යුවළකට සත්තම දාපු ඇල්දෙනියේ හෙල්මට් දෝණි..කොහොමද හපන්කම්
01:09
Video thumbnail
අසිරිමත් සිරිලක වෙසක් හඳ හිරේ දාලා 30 වෙනකල් එළියට එන්න තහනම්.. l Wimal Weerawansa
02:47
Video thumbnail
රනිල් - නාමල් එකතු වෙන්නද යන්නේ ?..රනිල් පාර්ලිමේන්තුවේ නෑනේ ආණ්ඩු පිහිටුවන්න..අපෙත් තුනයි
03:12