පාකිස්තාන – ඇෆ්ගන් දේශසීමා ගැටුම් ගැන එක්සත් ජාතීන්ගේ කනස්සල්ල

තලේබාන් හමුදා සහ පකිස්ථාන හමුදා අතර නැවත ඇති වූ දේශසීමා ගැටුම් හේතුවෙන් නැගෙනහිර ඇෆ්ගනිස්ථානයේ මානුෂීය තත්ත්වයන් නරක අතට හැරී සිවිල් වැසියන්ට හානි සිදුවී ඇති බව එක්සත් ජාතීන්ගේ මානුෂීය කටයුතු සම්බන්ධීකරණ කාර්යාලය (OCHA) පවසනවා.

පසුගිය අප්‍රේල් 27 වන දින අසාදාබාද් නගරයේ සහ කුනාර් පළාතේ සමහර ප්‍රදේශවල ගුවන් ප්‍රහාර සහ ෂෙල් වෙඩි ප්‍රහාරවලින් අවම වශයෙන් පුද්ගලයින් හත් දෙනෙකු මිය ගොස් කාන්තාවන් සහ ළමුන් ඇතුළු 79 දෙනෙක් තුවාල ලබා තිබෙනවා.

OCHA ට අනුව, ප්‍රචණ්ඩත්වය හේතුවෙන් ඉන්ධන පිරවුම්හලක්, විශ්ව විද්‍යාල නේවාසිකාගාරයක කොටස්, ආගමික කටයුතු කාර්යාලයක් සහ මත්ද්‍රව්‍ය පුනරුත්ථාපන මධ්‍යස්ථානයක් ඇතුළු සිවිල් යටිතල පහසුකම්වලට සැලකිය යුතු හානියක් සිදුවී ඇත. එවැනි විනාශයක් දැනටමත් බිඳෙනසුලු මහජන සේවාවන් තවදුරටත් අඩාල කරන බව ඒජන්සිය අනතුරු අඟවනු ලබනවා.

OCHA ඇස්තමේන්තු කරන්නේ පෙබරවාරි අග සිට අඛණ්ඩ ගැටුම් හේතුවෙන් නැගෙනහිර සහ ගිනිකොනදිග ඇෆ්ගනිස්ථානය පුරා 100,000 කට වැඩි පිරිසක් අවතැන් වී ඇති බවයි.

අනාරක්ෂිත බව, ෂෙල් වෙඩි ප්‍රහාර සහ පුපුරා නොගිය අවි ආයුධ හේතුවෙන් දිස්ත්‍රික්ක කිහිපයක මානුෂීය ප්‍රවේශය සීමා කර තිබෙනවා.

ක්ෂණික සහනවලට අමතරව, මූලික සේවාවන් යථා තත්ත්වයට පත් කිරීම සඳහා පාසල්, සායන සහ ජල පද්ධති ඇතුළු හානියට පත් යටිතල පහසුකම් ප්‍රතිසංස්කරණය කිරීම සහ පුනරුත්ථාපනය කිරීම සඳහා හදිසි අවශ්‍යතාවයක් පවතින බව ආධාර ආයතන අනතුරු අඟවනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහර සිදුවීම ගැන ආණ්ඩුවේ ප්‍රබලයෙක් කට අරියි - පහුගිය දේශපාලනයයි, පාතාලයයි එකතුවෙලා කරන වැඩ මේ ?
03:26
Video thumbnail
වත්තේ ඉපදිච්ච නිසා අපි වත්තෙද වැඩ කරන්න ඕනි
01:58
Video thumbnail
ආණ්ඩුවට ගන්නා වී සහල් කිරීමට විශාල වී මෝලක් හදනවා අපි
04:59
Video thumbnail
බස් රථයක් යතුරුපැදියක ගැටී සිදූවූ අනතුර
01:10
Video thumbnail
කෘෂිකර්මාන්තය විනාශ කරන දාර පණුවෝ දෙන්නා ඇමතියයි, නි.ඇමතියයි - ශුක්‍රාණු යවන්න ඕනි රට
07:07
Video thumbnail
රජය, ඇමතිලා ඉන්නේ පිස්සු නටන්න නෙවෙයි - ඇමතිලා බයිලා කියන්නේ
11:00
Video thumbnail
අන්තරේට අගමැතිගෙන් යහපත් ප්‍රතිචාරයක් ? - මේවට කුඩම්මගේ සැලකිලි තියෙන්නේ
08:05
Video thumbnail
දෙයියන්ගෙම පිහිටයි සජිත් ප්‍රේමදාසට - ප්‍රසාද්ට කට උත්තර නැතිකළ බිමල්
01:17
Video thumbnail
Dasatha Vimasuma| මාලිමාව නියමයි..මම දුන්නෙත් මාලිමාවට දෙන්නෙත් මාලිමාවට..මාව මැ#වත් කමක් නෑ
01:40
Video thumbnail
මන්ත්‍රී කෙනෙක් පළාතටවත් ආවේ නෑ - ඡන්දවලට එනවා..ආපු ගංවතුරට අපේ ගෙවල් ගන්න දෙයක් නෑ
07:53