spot_imgspot_img
spot_img

ගුරු දිනය දා ගුරුවරුන්ට ගෙන ආ කේක් කෑ සිසු සිසුවියන් පිරිසක් රෝහලේ (වීඩියෝ)

ගුරු දිනය සැමරීම වෙනුවෙන් පාසලට ගෙනවිත් තිබූ කේක් වර්ගයක් ආහාරයට ගෙන ඇති වූ ආසාද්මිකතාවයක් හේතුවෙන් ඌරාපොල මධ්‍ය මහා විද්‍යාලයේ සිසු සිසුවියන් නවදෙනෙකු රෝහල් ගතකර ඇති බව වාර්තා වනවා.

මෙලෙස රෝහල් ගතකර ඇත්තේ එම විද්‍යාලයේ 07 වන ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ සිසු සිසුවියන් පිරිසක් බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මෙම සිසු සිසුවියන් පිරිස අද (06) දහවල් 12.00ට පමණ වතුපිටිවල මූලික රෝහලට මෙලෙස ඇතුළත් කර තිබෙනවා.

අදට යෙදී ඇති ගුරු දිනය නිමිත්තෙන් පාසලට ගෙනවිත් තිබූ කේක් වර්ගයක් ගුරුවරුන්ට ද පිළිගන්වා පසුව ළමුන් පිරිසක් ද ඒවා ආහාරයට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

එහිදී මෙම සිසු සිසුවියන්ට ආසාද්මිකතාවයක් හට ගැනීමෙන් අනතුරුවයි ඔවුන් රෝහල් ගතකර ඇත්තේ.

රෝහල් ගතකර සිසු සිසුවියන්ගේ තත්ත්වය බරපතළ නොවන බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කළා.

ඌරපොල ප්‍රදේශයේ වෙළඳසැලකින් පාසලේ ශිෂ්‍යාවන් විසින් අදාළ කේක් මිලදී ගෙන ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
1
+1
3
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?