අපි ඇවිල්ලා තියෙන්නේ දේශපාලනය කරන්න නෙවෙයි – ඉරාන් වික්‍රමරත්න

ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තනය කිරීමේ කමිටුවේ සභාපති ධුරය සඳහා පත්වූ හිටපු රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න විසින් අද (30) පෙරවරුවේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත පැමිණෙනු ලැබුවා.

පසුව ක්‍රිකට් ආයතනයේ දී මාධ්‍ය අමතමින් ඔහු සඳහන් කළේ මෙම පත්කර ඇති ක්‍රිකට් පරිවර්තන කමිටුවේ සාමාජිකයන්ට ක්‍රිකට් ක්‍රීඩාවට සම්බන්ධ විවිධ ක්ෂේත්‍ර ඔස්සේ මනා දැනුමක් පවතින බවයි.

ක්‍රිකට් ආයතනයේ පරිපාලනය සිදු කිරීම මෙන්ම ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කිරීම යන පරමාර්ථයන් මත තමා ඇතුළු මෙම කමිටුව කෙටි කාලයකට පත්කර ඇති බවත් සභාපතිවරයා සඳහන් කළා.

තමන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වුවද, මේ වන විට දේශපාලනයෙන් ඉවත්ව සිටින බවත් ඉරාන් වික්‍රමරත්න පවසනවා.

”මම හිටපු මන්ත්‍රී කෙනෙක්, ඇමති කෙනෙක්. හිටපු කියන එක කියන්නම ඕනේ. අපි මෙතනට ඇවිල්ලා තියෙන්නේ දේශපාලනය කරන්න නෙවෙයි. ක්‍රිකට් ක්‍රීඩාව රටම එකතු කරන්න පුළුවන් ක්‍රීඩාවක්” යැයි ඔහු වැඩිදුරටත් සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඩී.වී චානක නාමල්ගේ වේදිකාව දෙවනත් කරයි
08:14
Video thumbnail
ගමින් ගමට යන ජනාධිපතිට නාමල් සැරටම කිව්ව දේ..
09:54
Video thumbnail
පැලවත්තේ ටිල්වින් සමාගම තමයි දැන් රටේ තීන්දු තීරණ ගන්නේ
07:39
Video thumbnail
වතුර නැතුව අසරණ වුණු අලි සෙට් එක ගම් වදී
01:01
Video thumbnail
අපිට බදු ගෙව්වේ නැත්තම් රජය ලොස් වෙනවා - ඔයාලට පඩි ගෙවන්නෙත් අපේ සල්ලිවලින්
04:01
Video thumbnail
මේක කඩන්න අපි ආණ්ඩුවට ඉඩ දෙන්නේ නෑ - මේ ආණ්ඩුවට දුන්නේ මේවා කරන්න ද..?
06:54
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු
01:18
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු - සුනඛයන් දාලා පරික්ෂා කරයි
02:22
Video thumbnail
වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන සිදුවූ අනතුරකින් 07ක් රෝහලේ - අධිබලැති කණුවකුත් කඩාගෙන ගිහින්
01:30
Video thumbnail
සෙවනගල සීනි කර්මාන්තශාලාව ගැන සභාපතිගෙන් හෙළිදරව්වක් - කඩාකප්පල්කාරි වැඩ කරන්න එපා
07:55