spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ගුරුවල දී වෙඩි තබා සිදුකළ ද්විත්ව ඝාතනයේ සැකකරුවෙක් අත්අඩංගුවට

පසු ගිය (11) වනදා පිටිගල පොලිස් වසමේ ගුරුවල හන්දිය ප්‍රදේශයේ දී යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙක් විසින් ටී 56 වර්ගයේ ගිනි අවියකින් වෙඩි තබා ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක් සිදුකර තවත් පුද්ගලයින් තිදෙනෙකුට බරපතල තුවාල සිදු කිරීමට සම්බන්ධ සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (19) දහවල් ඇල්පිටිය පොලිස් වසමේ කහදූව ප්‍රදේශයේදී එම අපරාධයට අනුබල දුන් බවට සැක මෙම පුද්ගලයා අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 02 මිලිග්‍රෑම් 250ක් සමඟ අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසනවා.

අත්අඩංගුවට ගත් සැකකරු 31 හැවිරිදි කහදූව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

පිටිගල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?